Wednesday, June 7, 2017



විහග පත් අතරෙහි රැදවුනු ආදරය...විශ්වාසය.....රැකවරණය 


ස්වභාදහම... එය නොනිමි රහස් ගොන්නක එකතුවකි....ඔබ එයට සමිප වන සැමවිටක එය ඔබේ ජිවිතයට පාඩම් රැසක් කියාදෙති.... මේ පුවත්පතක මා දුටු ආදරය...විශ්වාසය...රැකවරණය යන තුන්කාරණා ස්වභාදහමේ එක්තැනකට කැටිකොට විහග මුව තුඩු මතින් කියාදෙන සුන්දර කථාවක දිගහැරුමකි...


මහ ගස් තුරු මුදුන් වල හිදන් කෑක්....කැක්....ගා කෑ ගසන කෑ දැත්තන් මට ඉස්සර පෙන්නන්ටවත් බැරිය...ඒ එක මා ඔහුන්ගේ කෑ ගැසීමේ රටාවට ඇති අකමැතිබවය....දෙක ගේ ඉදිරිපිට ඇති කහපාට මල්ගහේ ඇති අහිංසක පුංචි කුරුල්ලන්ගෙ කැදලි දෑ කැත්තක් වන් මහ හොටෙන් උන් සැහැසි ලෙස කඩා විනාශ කර දැමිමය...තුන ගෙ ඉදිරිපිට ඇති රතු පාට ජම්බු ගසෙහි ඇති ගෙඩි නිකරුනේ හොටෙන් කඩා බිම දැමිමය...මේ නිසාම ඉස්සර මා කැ දැති යන නමටත් අකමැතිය...




නමුත් කැ දැත්තන්ගේ උපතෙහි කථාව හරි පුදුමය... එමෙන්ම හරි විශ්මිතය.... මේ කථාව ඔවුන් පිළිබද සිතුවිලි මා වෙනමම මානයකට ගෙනයැමට සමත් විය...කුරුළු ලොවෙහි ආදරය...විශ්වාසය...රැකවරණය...කැටිවුන උපතකට උරුමකම් කියනා විහගුන් වන්නේ කෑ දැත්තන්ය...කිරිල්ලිය බිජු ලෑමට ආසන්නවෙත්ම කෑදෑති කුරුල්ලෙකු ඉතා ශක්තිමත් ගස් බෙනයක් සොයාගනිති...එය ඉතා හොදින් පිරිසිදු කොට ඔහු කිරිල්ලියට එය සුවපහසු නවාතැන් පලක් බවට පත්කරදෙති...නමුදු ඉන් පසු සිදු වන දෙය හරිම ආශ්චරය්‍යමත් ජනකය...කැ දැති කිරිල්ලිය එහි බිජු දැමු පසු කිරිල්ලියට තම හොට පමණක්  පිටතට දැමිය හැකි වන පරිදි කෑ දැති කුරුල්ලා විසින් ලාටු සහ මැටි වර්ග භාවිතාකොට බෙනය පටලයකින් වසා දමති. ඉන් පසු තම ආදර බර කිරිල්ලියටත්....බිජු වලින් පැටවුන් බිහි වු පසු පැටවුන්ටත් කෑමත් ජලයත් රැගෙන විත් දෙනු ලබනුයේ මේ දයාබර කැදැති කුරුල්ලා විසිනි...මෙය දිවාකාලයේ සැමවිටම සිදුවන ක්‍රියාවලියකි...කිරිල්ලිය මෙන්ම පැටවුන්ද මේ විලසින් කුරුල්ලා විසින් නොකඩවා ආරක්ෂා කොට රැකබලාගනිති...දින සති මේ විලසින් ගෙවි යන කල කිරිල්ලියගේ සියලුම  පියාපත් බෙනය තුලම සැලි යයි...ඉන් පසු පැටවුන්ගේ මෙන් කිරිල්ලියගේද පියාපත් නැවුම් ලෙසින් වැඩීම ඇරබේ....මාසයක් පමණ ගතවන විට පැටවුන් හොදින් වැඩෙත්ම මේ දයාඹර කැදැති කුරුල්ලා පැමිණ තමන් ආවරණය කල අර ලාටු සහිත පටලය තම මුවින් සෙමින් ඉවත් කරනු ලබයි....ඒ මාස ගනනකට පසු කිරිල්ලියත් ජීවිතයෙ ප්‍ර‍ම වර පුටවුණුත් නිල් අහස දකින දවසයි.... ආ තව පුංචි දෙයක් ලියන් අමතක වුනා කවදා කොහේදි හරි ඔබ කැදැති කුරුල්ලෙකු මියගොස් සිටිනවා දුටුවහොත්.... මතක තියා ගන්න කොහේ ඈත අසැති ගස් බෙනයක කිරිල්ලියකුත් පැටවුන් කිහිපදෙනෙකුත් තනි වි සිරව දෛවයේ කුරිරු සරදමකට හසුව සිටින බව.....

2017 - 06 - 07 ප.ව 05.01 චමින්ද ජයනාත් ජයසූරිය.