Saturday, September 9, 2017

ජීවිතය...ඡේදයක් නොකඩපු කථාවක්......

ජීවිතය...ඡේදයක් නොකඩපු කථාවක්......

අහන්නවත් කෙනෙක් නැතිව ඉගෙන ගන්න එකම දෙයක් ඇත්නම් ඒ තමයි ජිවිතය...


දුක.... සතුට... කදුල...  සුසුම... මේව ජීවිතය පුරාවටම ඇදිල යන දේවල්...මම ඉන්න තැන ඔබ හෙටත්...ඔබ ඉන්න තැන හෙට මමත් ඉන්න පුළුවන්...අහන්නවත් කෙනෙක් නැතිව ඉගෙන ගන්න එකම දෙයක් ඇත්නම් ඒ තමයි ජිවිතය...කදු හෙල්, තැනිතලා, ෂේමභූමි, කාන්තාර, වනදුර්ග පසුකරමින් යන අපි හැමෝගෙම මේ ජීවිත තුල විටක සිගන්නෙකුත් තව විටෙක රජෙකුත් නිරතුරුවම වාසයකරනව...ශක්තියකින් ඔප වැටිල පධාර්තයකින් ගොඩනැගුණු මේ ලෝකයෙහි...සමහර විටෙක පැතු දේවල් වියැකි යමින් නොසිතූ දේවල් සිදුවන විට ඇස් කදුළින් තෙත් වෙමින් නෙත් පොලොවට බරවෙනව...අන්න එහෙම තැන්වලදි ජිවිතය අපට ඉවසීම කියන දෙය කියල දෙනව...යථාර්තය තේරුම්ගත් බොහෝ මිනිසුන් නිහඩත්වයට ගරුකරනව...ජීවිතය ඒක හරියට සමාවක් නැති විභාගයක් වගේ...ඉරි ගහල ලිවිය යුතු ගැටලු වගේම හොදට හිතල දිර්ඝව ලිවිය යුතු ගැටලුත් හමුවෙනව...වැරදියට ලිව්වොත් රිදුමත් එතැනකට නිතැතින්ම එක්වෙනව...නිවැරදිව ලිව්වොත් සතුටත් එතැනකම තියෙනව...එත් සතුටකට වඩා රිදුමකට අතවනපු ගැටලු ජිවිතයට පන්නරය දෙමින් ජිවිතයෙහි හැම මායිමක්ම ස්පර්ශකරවනව....ඔබ හිතන තාලයට නෙමේ මම හිතන්නේ...මම හිතන තාලයට නෙමේ ඔබ හිතන්නේ...මොකද  ඒ මේ ලෝකෙ නිරතුරුවම රැදිල තියෙන්නෙ වෙනස් බව තුල නිසා...නමුත් ඒ වෙනස් බවේ හැම අංශුමාත්‍රයක් තුලම ජවිතයෙහි යථාර්ථයත් සැගවිලා තියෙනව...අපි සත්‍ය දකිනව...නමුත් අවබෝධකරගන්නෙ නැ...අපි හැමදාමත් සිහින මවන්නේ  පාටපාට මල් පිපුණු සේද මාවත් දිගේ පියනගන්න ...ඒකයි බොරලු පාරවල් දුටුවිට එකවිටම  ජිවිත කඩාහැලෙන්නෙ....මේ ලෝකෙ බොහෝ මිනිසුන් සටන් කරන්නෙ අනෙක් මිනිසුන් සමග...මේ ලෝකෙ හරිම පුංචි මිනිසුන් සංඛ්‍යාවක් තමයි
තමන්ම සමග සටන් වදින්නෙ...එහෙම කරපු බොහෝම පුංචි මිනිසුන් සංඛ්‍යාවකුයි ජීවිතය ජය ගනිමින් ජය මාවත් කරා පියමනින්නේ....මොකද තරහක් ද්වේෂයක් වෛරයක් ආපු විටක එය පාලනය කරගන්නට බැරිනම්...ඒ තැන්වලදි පරාජය වන්නෙ ලෝකය නෙමේ අපි අපිම වන නිසා...  

2017 - 09 - 09 ප.ව 01.47 චමින්ද ජයනාත් ජයසූරිය.