Saturday, October 29, 2016

දේදුන්නෙ සත් පාටෙ ලියවිලා තියෙනව...

දළුදනා හැම විටක කොල මතක ලිවිලා තියෙනවා... දවසකදි ඒ කොලත් ගස් වලින් වෙන් වෙනව කියල....පිබිදෙනා හැම විටෙක පෙති මතක ලියවිලා තියෙනව... දිනයකදි ඒ මලුත් නටු අගින් ගිලිහෙනව කියල...පායනා හැම විටෙක දේදුන්නෙ සත් පාටෙ ලියවිලා තියෙනව... එක් විටක ඒ  පාට හිස් අහසේ බොදවෙලා යනව කියල.... ඉපදෙනා හැම විටෙක මිනිසුන්ගෙ දෛවයෙහි ලියවිලා තියෙනව  දුක සැපත් නොසිතු ලෙස මිනිසුන්ගෙ ජීවිත වලට ලංවෙනා කියල... 

2016 - 01 - 30 චමින්ද ජයනාත් ජයසූරිය

Monday, October 24, 2016

ආදරය... හදකට සෙවනකි...සිතකට සිසිලකි....



ආදරය සෙනෙහසකට දෙන අරුතකි...සෙනෙහස හදකට දෙන සිසිලකි...සෙවනක් ඇති තැනක සිසිලක් රැදවෙන විලසක...සෙනෙහස ඇති තැනක ආදරයද රැදෙවෙනු ඇත...සෙනෙහස වියැකි ගිය දිනයක් වෙත්ද....එදිනක ආදරයද මියදෙනු ඇත...විසල් තුරු මුදුන් සිදලූ කල...සෙවනත් කෙලෙස ලබන්නද...සෙවනක් නොමැති දින සිසිලක් කොහින් සොයන්නද...

2016  - 10 - 25චමින්ද ජයනාත් ජයසූරිය.

Friday, October 21, 2016

රැයක පිපී සුවද හමන මල්......



සමහර රැයවල් වල හරි ලස්සන සුවද පුංචි මල් පිපෙනව...මොන තරම් දුරක පිපුණත් අදුර රැයක සුපිපි එවන් පුංචි මලක සුවද සුලග සමග මුසුව ආපු දවසක මතක සුවද තාමත් ඔබට දැනෙනවා ඇති...අදුර...අදුර කියන්නෙ..ඇතැම් වෙලාවට නෙතගට සුවයක් වගේම..
සුවදටත් සෙවනක්..ඉතිං ඔයාලගෙ ජිවිතවලටත් ඇතැම් කාලයන්වල අදුර ගොඩවදින්න පුළුවන්...එහෙම ආපු කාලයන් වල අර රෑට පිපෙන පුංචි සුවද මල් වගේ..ඔයාල ලග ඇති සුවද වෙනදටත් වැඩියෙන් දසතම පැතිරෙන්න ඉඩහරින්න...

2016 - 10 - 21 චමින්ද ජයනාත් ජයසූරිය.

Wednesday, October 19, 2016

කදුළු................



කවදාවත් ඒව දිහා බලන්නවත් එපා....කවදාවත් ඒවට උනන්න දෙන්නත් එපා..ඉනුවත් එ්වට රැදිල ඉන්න දෙන්නත් එපා...මොකද ඒව ඔයාගෙ දෙනෙත් විතරක්ම නෙමේ..දවසක ඔයාගෙ මුළු ජීවිතයම බොදකරල දමන හින්ද...දෙනෙත් තියෙන්නෙ අඩන්න නෙමේ...දෙනෙත් තියෙන්නෙ බලන්න...මේ ලෝකය මොන තරම් නම් ලස්සනද...මේ ලෝකය මොන තරම් නම් සුන්දර ...මේ ලෝකයෙ මොන තරම් නම් සුන්දර  සිත් ඇත්තන් ඉන්නවද...ඉතිං ඇයි අපි තැනකට වෙලා ..සංසාරයක් පිරෙන්න තරම් සුසුම් හෙලමින්.... සයුරක් පිරෙන්න තරම් කදුළු සලන්නෙ.....ඒ නැගෙන සුසුම් වලින් ...ඒ හැලෙන කදුළු මනින්නෙ....ඒකයි මම කියන්නෙ කවුරුවත්ම නිසාවත්... කිසිමදාකවත්... කදුල කියන දෙය නම් ඔයාගෙ ජිවිතය කර ගන්න එපා කියල...මොකද මම දන්නව අපි සලන කදුලත් දවසක අපට ඔච්චම් කරන වග.....


2016 - 10 - 19 චමින්ද ජයනාත් ජයසූරිය

Tuesday, October 18, 2016

ඉතිං මේ හැම දේ දිහාම කාලය නිහඩව බලාගෙන ඉන්නව..........



මං දැකල තියෙනව නීල හරිත ඒ කදු ශිකර මත මේ ලෝකයෙ පිපෙන ලස්සනම මල් පිපිල තියෙනව ...හැබැයි එවන් ලස්සනම මල් සුපිපෙන ඒ හැම කදු යායක් මස්ථකයෙහිම කලකදි දුක්බර කථාවකුත් ලියවෙනව නේද කියල හිතන්නෙ කීයෙන් නම් කී දෙනාද...කාලයකදි සුදෝ සුදු හිම කැටි වැටෙද්දි ඒ කදු හිම කදු වෙනව.. කාලයකදි මේ වගේ රක්ත වර්ණ මල් පිපෙද්දි ඒ කදු මල් කදු වෙනව...ඒත් තවත් කාලයකදි ගිණියම් වූ ලෝ දිය ගලද්දි  ඒ කදු ගිණි කදු වෙනව...ඉතිං මේ හැම දේ දිහාම කාලය නිහඩව බලාගෙන ඉන්නව......

2016 - 10 - 18 චමින්ද ජයනාත් ජයසූරිය


Monday, October 17, 2016


සුවද මා ලගයි......

සුවද මා ලගයි...මල මගේ නොවෙයි
මට අහිමි උනත් කොතැනක හෝ පරනොවි හිදී
රෑ සිහින පුරා හිත යට හේ
සුවද තනා රකී.....//

මල පිපුණු දවස අසිරියක් තමයි
රන් රේණු වසින පෙති විහිදෙන අසිරියක් තමයි
මට උරුම මලේ සුවද සොදුරු
මතක විතරමයි...//

හැම හීනයක්ම සැබෑවක් නොවෙයි
සුභ දසුන් මැකී නෙතු ඇහැරී ඇසට කදුළු එයි
ඒ මැකි නොයන මල් සුවදට
තවම ආදෙරෙයි...//

ගායනය - ගිහානි දහනායක
පද - රත්න ශ්‍රී විජේසිංහ
සත්සර - නවරත්න ගමගේ

සදුන් පතක ඇති සුවද අරන් ...එන්න යමු අපි ජීවිතය සොයන් ...

සදුන් පතක ඇති සුවද අරන් ...එන්න යමු අපි ජීවිතය සොයන් ...නිල් අහස් වියන යට වැතිර ඉදන් ...අකුරු ගෙත්තතම් කරමු අපි සත් පාට මුසු කරන් ...

2016 - 10 - 18 චමින්ද ජයනාත් ජයසූරිය.