Thursday, November 30, 2017

ඒ තේජාන්විත රුවත් අපට අහිමි වී අවසන්ය...

නොනවතිනා කදුළු කථාවල ජාතියෙහි අවාසනාවන්ත අවසානයක බිහිදොරත් එතැනමය...

අවසානයක් නැත....එය යළි යළිත් සිදුවෙමින් පවතී...වන පෙත් එකළු කල දළ ඇතුන් එකා පිට මැරී වැටෙමින් මේ ලක් දෙරණ සිප ගනිමින් සිටී...මේ කථා පුවත සවන් වැකෙනා බොහෝ දෙනෙකු හට ඉහළට ගත් හුස්ම පොද පවා පහළට හෙලීමට අමතකව යන්නේය...එවන් හැම මුහුණකින්ම මුව අයා අහස දෙසට හුවා පිටකරනුයේ සපායන්මය...නමුත් මේ වන විට සිදු විය යුතු සියල්ලම සිදු වි අවසන්ය...ගල්ගමුවේ වන පෙතම සිරියෙන් බැබල වූ ඒ සුන්දර ඇත් රජු දලපූට්ටුවා තම අවසන් හුසම පොදත් හිතක් පපුවක් නොමැති මිනිසුන් ඉදිරියේ හෙලා අවසන්ය...  දෛවය තමනට උරුමකරදුන් අඩි හතරහමාරක් පමණ  වූ ඒ සුන්දර දල යුවල නිසාම මස් වැද්දන් පිරිසකගේ ගිනිකදයකට ජීවිතයෙන් වන්දි ගෙවා අවසන්ය...

හස්තියෙකු යනු දේශයකට සම්පතකි....එයිනුත් දළ ඇතෙකු යනු මිල කල නොහැකි වස්තුවකි...නමුත් දළ පූට්ටුවන් වැනි හස්ති රජුන් රටකට බිහිවන්නෙ ඉතාමත් කළාතුරකිනි...එවන් ඇත් රජුන් දේශයකට වාසනාවකි...පෙර රජ දවසනම් ඔවුන් උපතින්ම වාසනාව තුරුළු කොට ගෙන පැමිණෙති....නමුත් මේ කළියුගයෙහි නම් එම වාසනාවම ඔවුන්ට අවාසනාවම කැදවති...කාලය, දිවිපය,දේශය බලා ඔවුනට ඉපදෙන්නට හැකිනම් මෙකල කිසිවිටෙක ඔවුන් මේ ලක් දෙරණ මත නුඋපදිනු  ඇත...කෙළ පෙරමින් ඇත් දල ඇති හස්තින් වෙත ඉව අල්ලන මස් වැද්දන් බහුල කලෙක....හැම දෙයක්ම මුදල් මත තීරණය වන කලෙක ඔවුන් මේ දෙරණ මත නූපදිනු ඇත...ගල්ගමුව වන පෙතම අද පාළුවට ගොස් ඇති බවට කිසිදු සැකයක් නැත...තනි ඇතෙකු වුවද ඇතැම් විට මොහු මෙම වනයෙහි මුළු අලි රංචුවකටම නායකයෙකු වන්නට ඇත...මෙය ඛේදයකි....නැත මේය ඛේදයකටත් අපිටට ඇදි යන කථවකි...නීතිය රැකිය යුතු උන්ම නිතිය වල්වද්වමින් රැහිරැ මාන්සයන්ගෙන් තම අතමිට සරුකර ගන්නට වෑයම් කරනා විටෙක මෙය ඛේදයකටත් එහා ගිය කථාවකි...

සත්තකින්ම මෙය අප දේශයට සාපයකි...පනාමුරේ ඇත් රාජයාගේ සිට ගල්ගමුවේ ඇත් රාජයා දක්වා සිදුවූයේ එකම කථාවකි...ජාතියක උත්තමම වස්තුව වන ශ්‍රී දන්තධාතුත්වහන්සේ වැඩමවන්නේ රජකුලෙහි අතෙකු පිටමය...ලොව එවන් අසිරිමත් සිදුවිමක් වන එකම දේශයක එවන්ම ඇත් පරපුරකට ආරක්ෂාවක් රැකවරණයක් දෙන්නට නොහැකි පාලකයන් වේ නම් ඔවුන්ගෙන් ඇති කුමන පලයද..අවසන කියන්නට ඇත්තෙ ඒ වූ ශාපයම අප ජාතියට වැදි අවසන් භවය...නොනවතිනා කදුළු කථාවල ජාතියෙහි අවාසනාවන්ත අවසානයක බිහිදොරත් එතැනමය...



 2017 - 11 - 30 ප.ව 02.00 චමන්ද ජයනාත් ජයසූරියග

Thursday, November 23, 2017

දඩුලේනෙකු පිළිබද එක් කථාවක්.......

එක අතකින් එය අපටත් සිත් වේදනාවක් ගෙන දෙන්නක් විය...ඒ ඔවුන්ට අයිති ලෝකයෙන් මොහු දැන් බොහෝ දුර නිසාය...

දඩු ලේනුන් යනු ඉතා සුන්දර සත්ව විශේෂයකි...හඩ නගා කැ ගසන විට මුළු වනයම දෙවනත් වන තරමට ඔවුන්ගේ ශබ්දය තිව්රය...ගැහුණු සතුනට වඩා පිරිමි සතුන් වඩාත් අලංකාරයෙන් යුක්තය...නමුත් ඇබ්බැහි වූ විට ගෙවතු වල ඇති සැම පළතුරකටම මොවුන් වග කියනු ලැබේ...
දඩු ලේනෙකු ගැන මේ මතකය මා පාසැල් යන කලට දිවයන්නකි...
අද මෙන්ම එදත් අප වත්ත පුරාම දඩුලේනුන් නිතරම දකින්නට ලැබෙන සත්ව විශේෂයක් වි සිටියේය...බොහෝ විට තුන් හතර දෙනාගේ රංචු වශයෙන් මහ ගස් මුදුන්වල ඔවුන් නිරන්තර සෙල්ලෙමෙහි යෙදී සිටියේය...රඹුටන්,ජම්බු,කොකෝවා,පේර සැදේනා වාරයන්ට ඔවුහු සෙල්ලම අමතක කොට පළතුරු රස වලට ලොල් වී පහලට බැස ඒවායෙහි රස විදින්නට පුරුදුව සිටියේය....එකල මා හත හෝ අට ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන අවධිය විය...එක් සවස් කලෙක කපුටන් විසින් කොටා බිම දමන ලැබූ දඩුලේනා පැටියෙතු අප නැන්දාට හමු වි තිබුණි...ඇවිදගැන්මටවත් නොහැකි ,ලෝම පවා නොවැඩුණු, රතුපැහැති ඉතා කුඩා පැටවෙකු වු බැවින් ඇය විසි ඔහු අප ගෙදරට ගෙනාවේය...
ඇතැම් විට නැතිවු පැටවා ගෙනයැමට ඔහුගේ මව පැමිනේදෝයි විපරමින් බලා සිටියද එවන් සලකුණක් හෝ නොවිය...එදා සිට ඔහු අප සැමගේම ආදරණ කරුණාව සෙනෙහස මැද පහන් වැටි මගින් ලබාදුන් පිටිකිරිවල බලයෙන් හොදින් වැඩෙමින් වුන්හ....අප ගෙදර බළලුන් සිටි හෙයින් ඔහු වෙනුවෙන් වෙනම කාමරයක් පවා වෙන් කෙරිණි...නමුත් කිසි දා කුඩු නොකලහ...
මාස හය හතක් යන විට මනාව වැඩුණු පාෂ්ඨිමත් දඩුලේනා පැටවෙකු අප කාගේත් ආදරය දිනා ගනිමින් දුව පනිමින් අප සමගම ජීවත්වෙමින් සිටියහ...කළු සුදු දුඹුරු වන් ඉතා අලංකාර වර්ණ රටාවන්ට මෙන්ම ලොම්පිරුණු පිරුණු ශරීරයත් උරුම කම් කියූ ඔහු දකින කාගේත් ආකරශනයට මෙන්ම ආදරය දිනාගැන්මට සමත් වන්නෙක්ව සිටියේය....මිනිස් වාසයට හුරු වි සිටි ඔහු කිසිදු කුලෑටි කමන් නොපෙන්නුවේය...ඇතැම් විට අම්මා විසින් මේසය මත මා උදෙසා හදා තිබෙනා කිරි කොප්පය පවා ඔහු විසින් අප දෑස් ඉදිරිපිටදීම රස වින්දේය...පාසැල් ඇරී ගෙදර ආ විගසම ඔහු මා ළගටම වි සිටින්නට පුරුදුව සිටියේය...තරහ ගිය විට දත් නොඇනෙන සේ තොල්පෙති වලින් මා සපා කන අවස්ථා අනන්ත විය....එසේ නොමැතිනම් මා අසලට මද වේලාවක් යනතුරා පැමිණිමට අකමැත්ත පළකරමින් සිටියේය...නමුත් ඔහු දෙස අවධානය යොමු නොකර මදවේලාවක් ගත වන විට, භියක් හෝ යම් ශබ්දයක් ඇසෙන විට යළිත් මා වෙතට දුවන් එන්නට හුරුව සිිටියහ...කිසිදාක අපෙන් ඈතකට නොයා අප ලගටම වි සිටින්නට පුරුදුව සිටියේය...
කාලය උදා විය... වසරක් පමණ ගතවිය..අනෙක් දඩුලේනුන් ගස් මුදුන් වල සෙල්ලම් කරන විට මේ පෘෂ්ඨිමත් සුරතලා අප සමගය...එක අතකින් එය අපටත් සිත් වේදනාවක් ගෙන දෙන්නක් විය...ඒ ඔවුන්ට අයිති ලෝකයෙන් මොහු දැන් බොහෝ දුර නිසාය...දවසක් අප්පච්චී එක් යෝජනාවක් කලේය...ඒ කෙසේ හෝ අර දඩු ලේනුන් රංචුව සමග අප හිතවතාද එක්කිරීමය...ඒ දිනය මා ඉතා දුක සේ ගෙවූ දිනයක් විය...එසේම හොදටම කදුළු හැලූ දිනයක් විය..කෙසේ හෝ සැමගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් සහ ඔහුගේ අනාගත සුබසිද්ධිය උදෙසා අවසන මාද එයට අකමැත්තෙන් මෙන් එකග විය..දිනය උදා විය පසුදා සවස පුරා වසරකටත් වැඩි කාලයක් අප සමගම වුන් මේ දගකාර සුරතලා අපෙගෙන් සමුගන්නා මොහොත උදා විය...එදින අප නිවස පැත්තකින් ඇති රඹුටන් ගස මුදුනෙහි දඩුලේනුන් තුන් හතර දෙනෙකුම සුපුරුදු ලෙස සෙල්ලෙමෙහි යෙදෙමින් සිටියේය...දැන් මේ දගකාර සුරතලා මා සුරතෙහිය...සැවොම වටව බලා හිදිනුයේ ඉළගට සිදුවන්නෙ කුමක්ද යන්න කියාය...
මා දැන් දඩු ලේනා සමග රඹුටන් ගස සමිපයටම පිවිස ඇත...මා හිමිහිට අප හිතවතා දැතින් ඔසවා රඹුටන් ගසෙහි කද මත තැබීය..එය ඉතාමත් වේදනාකාරී මොහොතක උදාව විය...සියලු හැගිම් යටපත් කරගනිමින් මා ඔහුට පිටුපා ඈතට යාමට තැත් කරන විට විශාල සතෙකු මා උරහිස මතට පනිනා වැනි හැගිමක් දැනුනි...නිය වැදීමෙන් උරහිස පුපුරු ගසන්නට විය...ඒ ඔහුය....ඒ කෙනෙහිම ඔහු මා ශරීරය පුරාම දිවයන්නට විය... ඔහු තබන හැම අඩියක් පාසාම නිය පහර තව තවත් තදෙන් මා ශරීරයට වදින්නට විය...නමුත් නැවත වරක් මා දැතට ගත ඔහු යළිත් වරක් රඹුටන් ගසෙහි මදක් ඉහළට වන්නට තැබුවෙමි....ඉන් පසු ඉන්මනින් අනෙක් පිරිස සිටි තැනට දිව ගියෙමි...තැබු තැනම මද වේලාවක් නිසොල්මන්ව සිටි අප සුරතලා හිමි හිමින් ගස මතට අඩි කිහිපයක් නැගිය...ඉහළ අතුඋඩ සෙල්ලෙමෙහි යෙදි සිටි දඩුලේනුන්ගෙ සෙල්ලම නතර වි තිබුණි...පුදුමයකි මදවේලාවක් ගතවන විට ඔවුන්ගෙන් අයෙකු අප සුරතලා දෙසට පැමිණෙමින් සිටියේය....
අප සුරතලා දැන් හිටිතැනම නිසොල්මන්ව සිටී...ආගන්තුක දැවැන්තයා දැන් ඔහු ලගමය...උත්සාහය ඉතාම සාර්ථක බව කාගෙත් මතය විය...සැම සිත් සතුටෙන් පිනා ගොස් තිබුණි...නමුත් සතුටට වඩා දුකක් මා සිත වෙලා ගනිමින් තිබුණි...නමුත් එක්වරම සිදු වු දෙය අප කිසිවෙකුටත් සිතා ගැන්මටවත් නොහැකි විය...අප සැවොම සිතා සිටියේ ඔවුනගේ රැළට අප සුරතලාද එක්කරගනු ඇති බවය...නමුත් මද වෙලාවක් අප සුරතලාගෙ මුව ඉවකරමින් සිටි අර රැළෙහි දැවැන්තයා එක්විටම කැගසමින් සපා කැමට ඔහුගේ ශරීරය මතට කඩා පැන්නේය...එකෙනෙහිම අප හිතවතා රඹුටන් ගසෙන් බිමට ඇද වැටුණි...මා දිවගොස් ඔහු දෑතින් ඔසවා ගතිමි...සිතට දැනුන සතුට අපමණ විය...ඒ සමගම දැනුන තරහව නිසාවෙන් මා සැමටම දොස් නැගුවෙමි....ඉන් පසු පෙර විලසම ඔහු බොහෝකලක් අප සමගම දිවි ගෙවමින් වාසය කලේය......



2017 - 11 - 15  මා විසින් මුහුණු පොතට එක්කල ලිපියකි.

Saturday, November 4, 2017

මිහිපිට ලෝකය (ගොළුබෙල්ලන්).......


එය එලෙසනම් මා පෙර කිව් ගොළුබෙල්ලාද කාඩ්බෝඩ් කැබලි අනුභවකරමින් ඒ සිදුකරනුයේ එම කාර්යයම වන බව මට අවසන් වශයෙන් සිහිපත් වූ කරුණමය...










එම උදෑසන ඔවුන් ගැන තිබු බොහෝ සිතුවිලි වෙනස් කල උදැසනක් ව්ය...පිටත බිත්තියෙහි ගසා තිබු එක්තරා කාඩ්බෝඩ් ආවරණයකි...වැසි සමය හේතුවෙන් එය මදක් තෙමි තිබුණි...පුදුමයකි...එහි බොහෝ තැන් යමෙකු විසින් සිදුරු වන ලෙස කා දමා තිබෙනු දක්නට ලැබුණි...පෙර දිනවලද මෙම දසුන දුටු නමුදු එය සිදු වන්නේ නොඑසේනම් සිදුකරනුයේ කවරෙකු විසින්දැයි සොයාගැන්මට නොහැකිව තිබුණි...නමුත් වැසිබර සිතල උදෑසන මේ දෙයට වගකිය යුතු අයවලුන් නිරාවරණය කොට දී තිබුණි...ඔහු වැහිපොදක සිතලක බොහෝ සක්‍රීය ලෙසක එමකාර්යෙහි නියැලෙමින් සිටිනු දක්නට ලැබුනි...ඒ ගොළුබෙල්ලෙකි...තෙත් වු කාඩ්බෝඩ් තම රසබර ආහාරය කොටගෙන ජීවත්වන්නට හුරු වූ දැවැන්ත ගොළුබෙල්ලෙකි. (ඉහතින් දැක්වෙනුයේ එම ඡායාරූප පෙළය)

ගොළුබෙල්ලන් යන නම සවන් වැකුණු සැනින් අප මතකයට නිසැකයෙන් නැගෙනුයේ උදාසින බව...කම්මැලි බව....කොහේ හෝ තැනකට වී වකුටුව නිදා ගැනීම යන කාරනාය....නමුත් ඔවුන්ගේ ආහාර ගැනිම යන කාරණයේදී මේ සියල්ලම මුසාවක් කොට දමා ඇති බව ඒ සිතල උදැසන මට පසක් කොට දෙමින් තිබුණි.....

ලොව පුරා වෙසෙන ගොළුබෙල්ලන් විශේෂ රාශියකි...ජලයෙහි මෙන්ම ගොඩබිමද මොවුන් එකසේ වාසය කරති...විද්‍යාත්මකව මොවුන් හදුන්වනුයේ මොලුස්කාවන් නමිනි... Lissachanting Fulica යනුවෙන් මොවුන්ව ඉංග්‍රිසි බසින් හදුන්වනුලබයි...ගොළුබෙල්ලෙකු පැයකට ගමන් ගන්නා දුර ලෙස සදහන් වනුයේ කි.මි 0.047කි. මොවුන්ගේ ගමන්මග එසේත් නැතිනම් සංචරණය පහසු විම උදෙසා යම් කිසි ලිස්සන සුළු ද්‍රාවණයක් ශරීරයෙන් නිකුත් වෙති...ඔවුන් ගමන් ගත් මාවත් හොදින් නිරික්ෂණය කරන කල ආලෝකයට දිලිසෙනුයේ එහෙයිනි..බොහෝ විට සිතල සහ අදුර මොවුන්ගේ සත්‍රියතාවය තිවෘරකරති...එසෙම් ඔවුන් එවන් තැන් තම ලැගුම්පලවල් ලෙස භාවිතාකරති... පිටතින් පිහිටි කටුව බොහෝ ගොළුබෙල්ලන් හට තම සදාතනික ආරක්ෂාකාරී නිවහන වේ...කුමක් හෝ අනතුරක සේයාවක් හැගුනු විට ඔවුන් තම කටුව තුලට හැකිලේ.. ගොළුබෙල්ලෙකු සතු දත් ප්‍රමාණය 25000කට වැඩි බව සත්ව විද්යා
ඥයින් පවසති...එසේ දිරාගොස් කැඩී යන හැම දතක් පාසාම තවත් දතක් හටගනිති....ගොළුබෙල්ලන් පරිසරයට විවිධත්වයක් සජීවිබවක් සුන්දරත්වයක් එක්කලද කාෂිකර්මාන්තයේදි ඔවුන් හදුන්වනුලබනුයේ පළිබෝධකයන් වශයෙනි...ගොවියාගේ සතුරෙකි...එනම් මොවුන් බොහෝ වගාවන් පැළෑටි අවධියේම තම ආහාරය කොට විනාශ කොට දැමිම හේතුවෙනි...

ගොළුබෙල්ලන්ගේ ප්‍රධාන නිලෝපිකයා වනුයේ ඇටිකුකුළන්ය...ඇතැම් වෙනත් මාංශ භක්ෂක සතුන්ද ගොළුබෙල්ලන් තම ආහාරය ලෙස ගොදුරුකොට ගත්තද, ඇටිකුකුළන් සහජයෙන්ම ගොළුබෙල්ලන් තම ආහාරය ලෙස භාවිතා කිරීමට මහත් අභිරුචියක් දක්වති...කාන්තාරවල වෙසෙන ඇතැම් ගොළුබෙලි විශේෂ එකදිගට වසර තුනක් පමණ නිද්‍රාශීලිව සිටින බව කියනු ලැබේ...පළිබෝධකයෙකු ලෙස සැලකුවද ගොළුබෙල්ලන් සිටින පරිසරය ඉතා සශ්‍රීක බව කියනු ලැබේ..ඒ ඔවුන්ගේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය සමග නයිට්‍රජන්ද මහපොළොවට එක් විම හේතුකොටගෙනය...ගොළුබෙල්ලන් සතු ඉදිරිපස පිහිටා ඇති දිගු ඇන්ටනා දෙකක් වැනි අවයවයෙන් ඔවුන් තම මාර්ගයන් සොයාගනිති...මක්නිසාද යත් ඔවුනට දෑස් නොපෙනෙන හෙයිනි.එම කෙලවරින් ඉතා ප්‍රභල තරංග රටා අවශෝෂණය කරගැනිමට එවුනට හැකියාව ඇත.

ගොළුබෙල්ලන් ඉතා රසවත් ආහාරයක් ලෙස ලොව ඇතැම් රටවල් භාවිතාකරනු ලබති...චිනයෙහි ගොළුබෙලි සුප් ඉතාරසවත් පානයක් ලෙස භාවිතාකරනු ලබන බව පැවසේ... ශ්‍රීලංකාවේ විසූ බලංගොඩ මානවයාද අදින් වසර 125000 ට පමණ පෙර ගොළුබෙල්ලන් තම ආහාරය ලෙස භාවිතාකොට ඇති පුරාවිද්යාාත්මක සාදක සාක්ෂි දරයි... ලොව විශාලතම ගොළුබෙල්ලන් ජීවත්වනුයේ ඕස්ට්‍රේලියාවේය..ඔවුන් සෙ.මි 77 පමණ විශාල වන බව පැවසේ... Parenteroxenos doglieli නමින් මෙම ගොළුබෙලි විශේෂය හදුන්වනු ලබයි....ගොළුබෙල්ලන් පැටවුන් බිහිකරනු ලබනුයේ බිජු මගින් ඇතැම් ගොළුබෙල්න් වරකට බිජු 100-150 පමණද ඇතැම් ගොළුබෙල්ලන් වරකට බිජු දහස්ගනනක්ද දමනු බලන බව සත්වවිද්යාවඥයින් පවසති.ගොළුබෙල්ලන් සතු සෙලමය ද්රාලවනය විවිධ රුපලාවන්ය කටයුතු උදෙසාද ඇතැම්විට භාවිතාකරනු ලබති...

අනෙක් සැම සතෙකු ලෙසම ගොළුබෙල්ලන්ද අද පරිසරයෙන් සිඝ්රලයේ වද වි යන සත්ව කොට්ාශයක් බවට පත්ව ඇත...කෘෂිරසායනික ද්රදව්යි සහ පරිසර දුෂණය මෙයට ප්‍රභල ලෙස දායක වු කරුණ ලෙස සත්වවේදින් පෙන්වාදෙති...නමුත් වසර මිලියන ගනනක් පුරා පරිසරයෙහි විවිධ බලපැම්වලට ලක්ව වුවද ගොළුබෙල්ලන් අද දක්වාද ජීවත් විමට ඔවුන් සතු කිසියම් රහසක් පවතින්නට පුළුවන...චාල්ස් ඩාවීන්ගේ පරිණාමවාදයට අනුව මිහිපිට වෙසෙන යම් ජීවියෙකුට වරණය නොවි නොනැසි ජීවත්විමට හැකිවනුයේ පරිසරයට අනුව ඔහුට ඇති හැඩගැසිමේ කුසලතාවය අනුවය...එය එලෙසනම් මා පෙර කිව් ගොළුබෙල්ලාද කාඩ්බෝඩ් කැබලි අනුභවකරමින් ඒ සිදුකරනුයේ එම කාර්යයම වන බව මට අවසන් වශයෙන් සිහිපත් වූ කරුණමය...

2017 -11 - 03 ප.ව 08.37 චමින්ද ජයනාත් ජයසූරිය මුහුණු පොතෙහි තැබූ සටහනකිග