Thursday, November 23, 2017

දඩුලේනෙකු පිළිබද එක් කථාවක්.......

එක අතකින් එය අපටත් සිත් වේදනාවක් ගෙන දෙන්නක් විය...ඒ ඔවුන්ට අයිති ලෝකයෙන් මොහු දැන් බොහෝ දුර නිසාය...

දඩු ලේනුන් යනු ඉතා සුන්දර සත්ව විශේෂයකි...හඩ නගා කැ ගසන විට මුළු වනයම දෙවනත් වන තරමට ඔවුන්ගේ ශබ්දය තිව්රය...ගැහුණු සතුනට වඩා පිරිමි සතුන් වඩාත් අලංකාරයෙන් යුක්තය...නමුත් ඇබ්බැහි වූ විට ගෙවතු වල ඇති සැම පළතුරකටම මොවුන් වග කියනු ලැබේ...
දඩු ලේනෙකු ගැන මේ මතකය මා පාසැල් යන කලට දිවයන්නකි...
අද මෙන්ම එදත් අප වත්ත පුරාම දඩුලේනුන් නිතරම දකින්නට ලැබෙන සත්ව විශේෂයක් වි සිටියේය...බොහෝ විට තුන් හතර දෙනාගේ රංචු වශයෙන් මහ ගස් මුදුන්වල ඔවුන් නිරන්තර සෙල්ලෙමෙහි යෙදී සිටියේය...රඹුටන්,ජම්බු,කොකෝවා,පේර සැදේනා වාරයන්ට ඔවුහු සෙල්ලම අමතක කොට පළතුරු රස වලට ලොල් වී පහලට බැස ඒවායෙහි රස විදින්නට පුරුදුව සිටියේය....එකල මා හත හෝ අට ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන අවධිය විය...එක් සවස් කලෙක කපුටන් විසින් කොටා බිම දමන ලැබූ දඩුලේනා පැටියෙතු අප නැන්දාට හමු වි තිබුණි...ඇවිදගැන්මටවත් නොහැකි ,ලෝම පවා නොවැඩුණු, රතුපැහැති ඉතා කුඩා පැටවෙකු වු බැවින් ඇය විසි ඔහු අප ගෙදරට ගෙනාවේය...
ඇතැම් විට නැතිවු පැටවා ගෙනයැමට ඔහුගේ මව පැමිනේදෝයි විපරමින් බලා සිටියද එවන් සලකුණක් හෝ නොවිය...එදා සිට ඔහු අප සැමගේම ආදරණ කරුණාව සෙනෙහස මැද පහන් වැටි මගින් ලබාදුන් පිටිකිරිවල බලයෙන් හොදින් වැඩෙමින් වුන්හ....අප ගෙදර බළලුන් සිටි හෙයින් ඔහු වෙනුවෙන් වෙනම කාමරයක් පවා වෙන් කෙරිණි...නමුත් කිසි දා කුඩු නොකලහ...
මාස හය හතක් යන විට මනාව වැඩුණු පාෂ්ඨිමත් දඩුලේනා පැටවෙකු අප කාගේත් ආදරය දිනා ගනිමින් දුව පනිමින් අප සමගම ජීවත්වෙමින් සිටියහ...කළු සුදු දුඹුරු වන් ඉතා අලංකාර වර්ණ රටාවන්ට මෙන්ම ලොම්පිරුණු පිරුණු ශරීරයත් උරුම කම් කියූ ඔහු දකින කාගේත් ආකරශනයට මෙන්ම ආදරය දිනාගැන්මට සමත් වන්නෙක්ව සිටියේය....මිනිස් වාසයට හුරු වි සිටි ඔහු කිසිදු කුලෑටි කමන් නොපෙන්නුවේය...ඇතැම් විට අම්මා විසින් මේසය මත මා උදෙසා හදා තිබෙනා කිරි කොප්පය පවා ඔහු විසින් අප දෑස් ඉදිරිපිටදීම රස වින්දේය...පාසැල් ඇරී ගෙදර ආ විගසම ඔහු මා ළගටම වි සිටින්නට පුරුදුව සිටියේය...තරහ ගිය විට දත් නොඇනෙන සේ තොල්පෙති වලින් මා සපා කන අවස්ථා අනන්ත විය....එසේ නොමැතිනම් මා අසලට මද වේලාවක් යනතුරා පැමිණිමට අකමැත්ත පළකරමින් සිටියේය...නමුත් ඔහු දෙස අවධානය යොමු නොකර මදවේලාවක් ගත වන විට, භියක් හෝ යම් ශබ්දයක් ඇසෙන විට යළිත් මා වෙතට දුවන් එන්නට හුරුව සිිටියහ...කිසිදාක අපෙන් ඈතකට නොයා අප ලගටම වි සිටින්නට පුරුදුව සිටියේය...
කාලය උදා විය... වසරක් පමණ ගතවිය..අනෙක් දඩුලේනුන් ගස් මුදුන් වල සෙල්ලම් කරන විට මේ පෘෂ්ඨිමත් සුරතලා අප සමගය...එක අතකින් එය අපටත් සිත් වේදනාවක් ගෙන දෙන්නක් විය...ඒ ඔවුන්ට අයිති ලෝකයෙන් මොහු දැන් බොහෝ දුර නිසාය...දවසක් අප්පච්චී එක් යෝජනාවක් කලේය...ඒ කෙසේ හෝ අර දඩු ලේනුන් රංචුව සමග අප හිතවතාද එක්කිරීමය...ඒ දිනය මා ඉතා දුක සේ ගෙවූ දිනයක් විය...එසේම හොදටම කදුළු හැලූ දිනයක් විය..කෙසේ හෝ සැමගේ මැදිහත්වීමේ ප්‍රතිඵලයක් සහ ඔහුගේ අනාගත සුබසිද්ධිය උදෙසා අවසන මාද එයට අකමැත්තෙන් මෙන් එකග විය..දිනය උදා විය පසුදා සවස පුරා වසරකටත් වැඩි කාලයක් අප සමගම වුන් මේ දගකාර සුරතලා අපෙගෙන් සමුගන්නා මොහොත උදා විය...එදින අප නිවස පැත්තකින් ඇති රඹුටන් ගස මුදුනෙහි දඩුලේනුන් තුන් හතර දෙනෙකුම සුපුරුදු ලෙස සෙල්ලෙමෙහි යෙදෙමින් සිටියේය...දැන් මේ දගකාර සුරතලා මා සුරතෙහිය...සැවොම වටව බලා හිදිනුයේ ඉළගට සිදුවන්නෙ කුමක්ද යන්න කියාය...
මා දැන් දඩු ලේනා සමග රඹුටන් ගස සමිපයටම පිවිස ඇත...මා හිමිහිට අප හිතවතා දැතින් ඔසවා රඹුටන් ගසෙහි කද මත තැබීය..එය ඉතාමත් වේදනාකාරී මොහොතක උදාව විය...සියලු හැගිම් යටපත් කරගනිමින් මා ඔහුට පිටුපා ඈතට යාමට තැත් කරන විට විශාල සතෙකු මා උරහිස මතට පනිනා වැනි හැගිමක් දැනුනි...නිය වැදීමෙන් උරහිස පුපුරු ගසන්නට විය...ඒ ඔහුය....ඒ කෙනෙහිම ඔහු මා ශරීරය පුරාම දිවයන්නට විය... ඔහු තබන හැම අඩියක් පාසාම නිය පහර තව තවත් තදෙන් මා ශරීරයට වදින්නට විය...නමුත් නැවත වරක් මා දැතට ගත ඔහු යළිත් වරක් රඹුටන් ගසෙහි මදක් ඉහළට වන්නට තැබුවෙමි....ඉන් පසු ඉන්මනින් අනෙක් පිරිස සිටි තැනට දිව ගියෙමි...තැබු තැනම මද වේලාවක් නිසොල්මන්ව සිටි අප සුරතලා හිමි හිමින් ගස මතට අඩි කිහිපයක් නැගිය...ඉහළ අතුඋඩ සෙල්ලෙමෙහි යෙදි සිටි දඩුලේනුන්ගෙ සෙල්ලම නතර වි තිබුණි...පුදුමයකි මදවේලාවක් ගතවන විට ඔවුන්ගෙන් අයෙකු අප සුරතලා දෙසට පැමිණෙමින් සිටියේය....
අප සුරතලා දැන් හිටිතැනම නිසොල්මන්ව සිටී...ආගන්තුක දැවැන්තයා දැන් ඔහු ලගමය...උත්සාහය ඉතාම සාර්ථක බව කාගෙත් මතය විය...සැම සිත් සතුටෙන් පිනා ගොස් තිබුණි...නමුත් සතුටට වඩා දුකක් මා සිත වෙලා ගනිමින් තිබුණි...නමුත් එක්වරම සිදු වු දෙය අප කිසිවෙකුටත් සිතා ගැන්මටවත් නොහැකි විය...අප සැවොම සිතා සිටියේ ඔවුනගේ රැළට අප සුරතලාද එක්කරගනු ඇති බවය...නමුත් මද වෙලාවක් අප සුරතලාගෙ මුව ඉවකරමින් සිටි අර රැළෙහි දැවැන්තයා එක්විටම කැගසමින් සපා කැමට ඔහුගේ ශරීරය මතට කඩා පැන්නේය...එකෙනෙහිම අප හිතවතා රඹුටන් ගසෙන් බිමට ඇද වැටුණි...මා දිවගොස් ඔහු දෑතින් ඔසවා ගතිමි...සිතට දැනුන සතුට අපමණ විය...ඒ සමගම දැනුන තරහව නිසාවෙන් මා සැමටම දොස් නැගුවෙමි....ඉන් පසු පෙර විලසම ඔහු බොහෝකලක් අප සමගම දිවි ගෙවමින් වාසය කලේය......



2017 - 11 - 15  මා විසින් මුහුණු පොතට එක්කල ලිපියකි.

No comments:

Post a Comment