Friday, December 16, 2016

දුක් ගී රාවය...


සිතිජය බොදවුනු අදුරු දිනක මම
සිතුවිලි ලිව්වෙමි නිසල අහස මත
ඈත දිලෙන රතු ඉර බටු තරුවක
පාට අරන් ගැවෙමි මම ඒ මත… 


වැහි පොද වැටෙනා සීතල දවසක
සිතුවිලි ලිව්වෙමි මල් පෙත්තක මම
සුළගෙ පාව ආ සමනල තටුවක
පාට අරන් මා ගෑ වෙමි ඒ මත...


සිතුවිලි ගොලුවුනු නිසසල අදුරක
සිටින විටදි ඇහි දුක් ගී රාවය
පෙර දිනයක මා ලිව් සිතුවිල්ලක
පාට කරන්නට බැරි කොටසක් විද....


2016 - 12 – 16 චමින්ද ජයනාත් ජයසූරිය.

No comments:

Post a Comment