කොළයක කථාවක්......
දේව මන්දිර වල පූජා වට්ටිවල අවසන් සැරසිලිත් විසිතුරු ලෙසින් හැඩගන්වට මේ කොල වලට නිතැතින්ම සිදු වෙනව....
දෛවය මේ කොල මත මහ අපූරු කථාවක් ලියනව.....දෛවය මේ කොල මතින් මහ අපූරු කථාවක් ලියවනව....මිනිස්සු මහ වටිනාකමක් දුන්න මේ කොළ වල අවපැහැ ගැන්වෙන තරමටම ඒ කොල ගෙවා ගෙන ආපු දුරත් මහ ගොඩක් වෙනව..අහස සිබින මහ වෙහෙර විහාර ඉදිවෙන තැනකත් .....අහස පොලොව නුහුලන මහ අපරාධ සිදුවෙන තැනකත් මේ කොල නිතැතින්ම එතැනක පවතිනව...දේව මන්දිර වල පූජා වට්ටිවල අවසන් සැරසිලිත් විසිතුරු ලෙසින් හැඩගන්වට මේ කොල වලට නිතැතින්ම සිදු වෙනව....අතින් අතට යන තරමටම ඒවල මැකෙන්නෙ මුලින්ම තිබුණ අර නැවුම් සුවද වෙද්දි....තවත් දුරක් යද්දි හිමිහිට මැකෙන්නෙ ඒවල තියෙන ලස්සන පාට වෙනව.....ඒත් ඒව මේ ලෝකෙ මොන තරාතිරමක මිනිසෙකු අත පැවතුනත්..... ඒවල මොන තරමකටම සුවද ...පාට මැකිල ගිහිල්ල තිබුණත්....ඒ කොල මත ඉලක්කම් ඉස්සරහින් බින්දු පෙලග්විලා තියෙන තරමකට ඒවට මිනිස්සු දෙන වටිනාකම්වල අඩුවක් නම් නැති වෙනව....
2018 - 10 - 19 ප.ව 03.25 චමින්ද ජයනාත් ජයසූරිය.