Thursday, October 18, 2018


ඉති අගක පිපුණු සුදු පාට අරලියා......


අකුරු වලින් ලියන්න බැරි...දෑස්


වලින් දකින්නම ඕන ලස්සනක්....


හැම හවසකම වැටෙන රාස්සිගෙ අව්වට.....වැට ගාව ගහ මුදුනෙ ඉති අගක පිපුණ සුදු පාට අරලියා මලුත් රත් පැහැයෙන් දිලිහෙනව.....මහ කන්ද මුදුනෙන් හිරු බැස යන අවසාන මොහොතක  පාලු අම්බලම මණ්ඩියමම රත් පැහැයෙන් නැහැවෙනව.... පුංචි වැහි කළුවරකුත් එක්ක මේ මේ හවස උදාවෙද්දි පුංචි දේදුන්නකුත් ඒ ලගම ඈත ආකාසෙ පායල තියෙනව..... එහෙම පායන දේදුන්න අස්සෙන් පුංචි කුරුල්ලො රූන් පිටින් ඉගිලෙද්දි......ඒක මහ පුදුම ලස්සනක්....අකුරු වලින් ලියන්න බැරි...දැස් වලින් දකින්නම ඕන ලස්සනක්....

2018 - 10 - 18 ප.ව 06.35 චමින්ද ජයනාත් ජයසූරිය.

No comments:

Post a Comment