Sunday, April 2, 2017

 වෙරළ ඇයි ඔබ කැළඹිලා.....

වෙරළ ඇයි ඔබ කැළඹිලා
සයුර නැත කිසිවක් කථා
හදේ නැගෙනා සුසුම් රාවය
බිදෙන රළ හා මුසු වෙලා....

පියුම් විල ඔබ නෙතු අරා
නැගෙන සද දෙස ඇයි බලා
සිතුල් පව්වට වැටුන සද කැන්
අරන් ලයමත සගවලා....
පුරා සිතුවිලි රැය පුරා
හදේ ඇදෙනා රූ රටා
සදා නොමැකෙන විලස සිත්තම්
කරමි ගිරිකුළු මත පවා...

චමින්ද ජයනාත් ජයසූරිය.

No comments:

Post a Comment