මිනිසුන් එයට දිනයක් කියා පවසති....
ඔබ දුන් එළියෙන් මා ළෝකය දුටිමි........ඔබ දුන්
සිසිලෙන් මා ජිවය ලැබිමි......ඔබ දුන් සෙවණ මා ආත්මය කොට ගතිමි....සද හිරු තාරකා
මියැදි දිනයකද නුබේ මතකයන්ගෙන් මා කිසිදා බැහැර නොවෙමි....ගගන තලය සිසාරා පියාසරණා
දහසක් විහග සියතුන්ගේ සිනිදු පියා පත් තුලින් හමනා සිසිල් පවනින් ද මා නුඹව දකිමි...සද කැන් වැටුන රැයක තුරු මත
දිලෙන පිණි බිදු තුලද මා නුඹව දකිමි... රැය ගෙවී උදැසනක් පැමිණි කළද...උදෑසන ගෙවී රැය
පැමිණි කලද....මිනිසුන් එයට දිනයක් කියා පවසති....නමුදු එයට මා දිනයක් යැයි කියා
නොපවසමි...කිමද නුඹ නොමැති කල මට දිනයක් ද උදා නොවනා බැවිනි...
2017 - 04 - 02 ප.ව 05.45 චමින්ද ජයනාත් ජයසූරිය.
No comments:
Post a Comment