Wednesday, May 17, 2017

නෑ කවුරුත්ම දන්නේ..මේ නෙතු ඉකි බිද හැඩූ තරම්...

 

 

මට හිතෙන හැටි......

නෑ කවුරුත්ම දන්නේ..මේ නෙතු ඉකි බිද හැඩූ තරම්...

යටි සිතට මුවා වී.... උඩු සිතට ඔච්චම් කරද්දී... මේ සිත දවසක හැඩූ තරම්...නෑ කවුරුත්ම දන්නේ..මේ නෙතු ඉකි බිද හැඩූ තරම්...මිය යන සෙනෙහස දෑතට අරගෙන.... පන නල රැකුමට මා වෙර දැරූ තරම්...නෑ කවුරුවත්ම දන්නේ...වැගිරෙන කදුලින් මා සෙනෙහස තෙමමින් ...අහසට දුක් ගී ලියූ තරම්.....

2015 - 05 - 15 දින මුහුණු පොතට එක්කල සටහනකි...

චමින්ද ජයනාත් ජයසූරිය.
බට ලී රාවය.... ලග නැවතුන සිත.....

ජීවිතේ අපට හිමි හිමි වෙන්නේ අයිති තැන් මිසක...ආස තැන් නෙමේ...ජිවිතේ අපට අයිති වෙන්නේ හිමි තැන් මිසක....කැමති තැන් නෙමේ...

මහන්සියට අකුරු ඇදවෙද්දි...සිතුවිලිත් බොදවෙලා යනව...ඒත් මේ වගේ කථා ඇසෙද්දි එව්ව නොලිය ඉන්නත් බැරුව යනව...ජීවිතේ අපට හිමි හිමි වෙන්නේ අයිති තැන් මිසක...ආස තැන් නෙමේ...ජිවිතේ අපට අයිති වෙන්නේ හිමි තැන් මිසක....කැමති තැන් නෙමේ...දෛවය හැමදාමත් ජිවිතය ලියන්නෙ අන්න ඒ විදිහට...මේ කථාව කියවද්දි සමහර විට ඔබටත් එහෙම සිතෙන්න ගනිවි...

හරි ගැඹුරුති පැසිෆික් සයුරෙ මේ වගේ තවත් මොන තරම් නම් කථා ලියවිලා තියෙනවද කියල කියන්න මම දන්නෙ නැ...ඒත් මේ ෆැසිපික් සයුර තරණය කරන අමෙරිකානු නාවුක සෙබලෙකුගේ දින පොතක පිටු අතර සටහන් වෙලා තිබුණ පුංචි කථාවක්..වර්ෂයක් නැති...දිනයක් ඇති... එත් නාමයක් නැති පිටු අතර ලියවුන කථාවක සාරාංශයක්...ඩොල්ෆින් නම ඇසු සැනින් සිත ඇදී යන සත්වයෙක්..මහ සයුරෙ වසන බුද්ධිමත්ම ජීවියෙක්...දෙතනින් කිරීදීල පැටවුන් වඩනා අහිංසකම සත්වයෙක්...දකින හැම හදකටම ආදරයක් දැනෙනා තරම් රුවක් තිබෙනා මත්සයෙක්....ඇතැම් හැකියාවක් ජවිතයකට එලියක් කියල හිතුවට එව්ව හැම විටකම එහෙම වෙන්නෙ නැ...

ඩොල්ෆින්ලටත් ඒ දේ එලෙසමයි...සන්නිවේදන හැකියාව ඔවුන්ගෙ හරි ප්‍ර‍භලයි..‍නිදහස් ඩොල්ෆින් රංචු හැම සවසකම මහ මුහුදෙ පෝළිමට පෙල ගැසිල සිංදු කියමින් රැගුම් පානව..සමහර විට ඔවුන්ගෙ ඒ රාවයන් ගෙතුණු සාදයන් පැය ගනන් පුරා මහ සයුරෙ ජල තලය මත රැව් දෙනව...යමෙකු වටහ ගැන්මට...සිතක් තේරුම් ගන්නට ඔවුන්ට තියෙන්නෙ මහ පුදුම හැකියාවක්..එව්ව ඔවුන්ටම ආවේනික වු ඇතැම් මානයන්ගෙන් එළියට විහිදුන හැකියාවන්...මහ සයුරෙ සැතපුන් ගානක ඈතක සිටියත් ඔවුන්ට ඇතැම් දේවල් දැනෙනව...එත් ඔවුන් සතු වූ මේ අපූරුතම වූ හැකියාවන්මයි ලොව පුරා දහස් සංඛ්‍යාත ජල තටාක වල සිරකරුවන් ලෙසින් වෙසෙන්නටත් ඔවුන්ව පත් කරල තියෙන්නෙ කියල මට හිතෙනව....

ඇමෙරිකානු නාවුක හමුදාවත් මේ දේ ඒ වලසින්ම සිදුකරනව...හොදින් පුහුණුකල ඩොල්ෆින් මසුන් සතුරු ප්‍රදේශ වල ඔත්තු බලන්න ඔවුන් නිරන්තරයෙන්ම යොදවනව...එවැනි ඩොල්ෆින් මසුන්ට උරුම වන්නෙ ජිවිතය කරුමයක් කියන වදන්පෙළ විතරමයි...මොකද නිදහස කියන දේ ඔවුන්ගෙ ජීවිතවලින් මුළුමනින්ම වියැකිලා යනව...පැසිෆික් සයුරෙ ස්ථානගතව සිටින ඇමෙරිකානු නාවුක භට පිරිසක් සතු මේ විලසින් ඇති දැඩි වන එක් ඩොල්ෆින් මසෙකු දින කිහිපයක සිට අසාමාන්‍ය චර්යාරටාවක් පෙන්වන්නට ගන්නව...ටික දිනක් ගතවන කල එය තද බල ලෙස වැඩි වන බව ඔවුනට පෙනී යනව...(ඒ කියන්නෙ එම මත්සයා සතු දෛනික ක්‍රියාපටිපටියෙන් මුළුමනින්ම බැහැරවීම දක්වා) නාවිකයන් ඔහු සයුරට මුදා හල පසු වෙරළෙහි යම් ස්ථනයකට ගොස් නතර වන බව පසුව මෙම සෙබලුන් පිරිස සොයා ගන්නව...මෙම ඩොල්ෆින් මත්සයාගෙ පිටෙහි සවිකොට ඇති සෝනාර් යන්ත්‍රයෙන් ඔහු සිටිනුයේ එකම තැනක බව නාවුකයන් සතු පරිගණක තිරයන්හි දිස්වෙනව...එය ගෙඩ බිමට ආසන්න තැනක්...නමුත් අන් රටක වෙරළ සිමාවක් නිසා ඔවුන්ට ලංවීමටත් නෙහැකියි...මෙම සිදුවීම පෙනටගනය කරාම අවසන ඇදි යනව(පෙන්ටගනය යනු ඇමෙරිකානු ආරක්ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයය)...ඔවුන් රහසිගත ඔත්තු බැලීමේ කණ්ඩායමක් මෙම ප්‍රදේශය කරා යොමුකරනව....හරි පුදුමයි....එම දසුන් පෙළ ඇත්තටම ඔවුනට අදහාගත නොහැකි සිදූවීමක් ලෙස පෙළගැස්වෙනව...කුමක්ද මේ සිදුවිම...?

වෙරළ ආසන්නයෙහි සුන්දර ගල්පරයක් මත පුංචි කොළුගැටයෙකු බටලියක් වාදනය කරනව... බට ලි රාවයට මේ ඩොල්ෆින් මත්සය නෙගැඹුරු ජලයෙහි ඒ මේ අත පිහිනමින් රැගුම් පානව... එය දින කිපයක සුන්දර බැදිමක් ලෙසින් හරි ලස්සනට එතැන මිහිරි දසුනකින් වලින් පුරවනව.....රහසිගත ඔත්තුකරුවන් මහත් විශ්මයක් ලෙසින් මේ දෙස ඇසපිය නොහෙලා බලා සිටිනව...නමුත් එම දසුන්පෙළ රහසිගත ඡායාරූප ලෙසින් පෙන්ටගනයට වාර්ථා වෙනව....ඒ ලස්සන බැදීමෙහි අවසාන මොහොත ලොවටම රහසක් වෙමින් අවසන් වෙනව...බට ලි වාදනයෙන් පසු අදුර වැටෙන විට මේ පුංචි කොළුගැටය තම ඩොල්ෆින් මිතුරාටද සමු දී නිවහන කරා පියනගනව...නමුත් ඉන් පසු කිසිදිනෙක ඒ සුන්දර ගල්පර මතට වී කොතරම් ලස්සනට බට ලි වාදනය කලත් තම මිතුරාට එය ඇසිමට පැමිණීමට නොහැකි බව ඔහු කෙලෙසනම් විශ්වාස කරන්නද....?

(සත්‍ය සිදුවිමක් වට මා විසින් සිදුකල අකුරු පෙළගැස්මකි)

චමින්ද ජයනාත් ජයසූරිය.


2017 - 05 - 16 දින මා විසින මුහුණු පොතට එක්කල සටහනකි.

Saturday, May 13, 2017

"ගනිනා සැම විටකෙදිම වෙනස්වන...ජිවිතය යනු හුදු සරල පියගැටපෙළකි...."

At Home...



Saturday, May 6, 2017

මට හිතෙන හැටි...... 

මේඝයක් වන් සිතුවිල්ලක් පැමිණ හද කැළඹුවා....

සානුවක් නොමැති මිටියාවතක් මත සිත තනිවෙලා....මේඝයක් වන් සිතුවිල්ලක් පැමිණ හද කැළඹුවා....පාරුවක් නොමැති නිල් විල් දිය‍ඹ මාවතක් වෙලා....රාගයක් නොමැති සිතුවිලි දැහැනෙ මා සැතපුනා....

2017 - 05 - 06 දින මුහුණු පොතේ තැබූ සටහනකි.

- චමින්ද ජයනාත් ජයසූරිය.

මට හිතෙන හැටි......

මොකද විසක් රැදුනත් ඔවුන්ට තියෙන්නෙ විතක් මිසක දලක් නොවන නිසා...

මී මැස්සො...රිදුනම උන් අනිනව තමා...ඒත් ඔබ දන්නවද...? ඔබේ අතක විතක් රදල ගියත් ඒ මී මැස්සො ඉගිල යන්නෙ ඔවුන්ගෙ ජීවිතේ අවසන් ගමන් යන වග...ඔවුන් ඒ ලබන්නේ මේ ලෝකෙ ඇති අමිහිරිම වේදනාව බව...පැය ගනන් වේදනාවත් රදව ගෙන වැටි වැටී ඉගිල යන ඔවුනට වසානයෙ උරුම වන්නෙ මරණයක්ම බව..ඇත්තටම ඔවුන් හරිම අහිංසකයි...මොකද විසක් රැදුනත් ඔවුන්ට තියෙන්නෙ විතක් මිසක දලක් නොවන නිසා...

(සත්‍ය අත්දැකීමක් ඇසුරිනි)

2017 - 04 - 24 මුහුණු පොතට ලියූ සටහනකි

- චමින්ද ජයනාත් ජයසූරිය.

පියෙකුගෙ කදුළු.....දෛවය ගලන්නෙ කොයිබටද...මිනිසුන් රදන්නෙත් එතැනමය...

පියෙකුගෙ කදුළු.....

දෛවය ගලන්නෙ කොයිබටද...මිනිසුන් රදන්නෙත් එතැනමය...
මෙන්න කියල කිසි දෙයක් ඔහු ගාව තිබුනෙ නෑ...මොකද දෙන්න තිබුණු හැම දේම ඔහු දිල තිබුනෙ දරුවන්ට හින්ද...මූණ රැලි ගැසිල... කම්ඹුල් වල ගැසිල...අතපෑවෙ දරුවන් වන් මහ මග යන එනා මිණිසුන්ටය...දෛවය ගලන්නෙ කොයිබටද...මිනිසුන් රදන්නෙත් එතැනමය...සා තිස් වසක් මහ ගල් මුදුන් වල කළු ගල් කැඩුවේ තම පණ වන් දරුවන්ම රැකුමටය...මවක් නැති ගෙපැලකට මවක් වුවෙහිද ඔහුමමය...හැම රැයම ඒ ගත වේදනාවන්ගෙන් වෙලා ගත්තද... කෙදරිලි හඩක් නම් ඔහු පිටකලේවත් නැත...ඒ තම දරුවන්ට එයද දුකක් වේදෝයි සිතු නිසාමය...නමුදු සිතනා සැම දේම එලෙසින් සිදුනොමවෙනා මේ ලෝකයෙහි අද ඔහුට උරුමව ඇත්තෙ මහමගය... ඒ දෙඅත් වල නැගි කරගැට වේදනා දුන් අතීතය මකාලන්නට ඔහු උත්සාහ ගන්නා වාර ගනනද අනන්තය..ඒ හැම විටකම ඔහුගේ දෙඇස් අගින් ගලමින් ඇද වැටෙනා වූ කදුළු කැට ගනනද අනන්තය... දරු සෙනෙහස... ඒත් එය මහ පුදුමය....කිමද ..දරුවන් හොදින් බව සිහිවෙනා හැමවිටකම ඔහු නිල් අහස දෙස බලමින් සිනා සෙනා වාර ගණනද අප්‍ර‍මාණ වන බැවිනි..

2017 - 04 - 29 දිනමුහුණුපොතට එක්කල සටහනකි.

- චමින්ද ජයනාත් ජයසූරිය.
රන් කුඹල්ලු.....


ජීවිතයෙ ඇතැම් දේවල් දකින්නනම් ඉවසන්න ඕන...පැය ගනනක් උනත් නිසොල්මන්ව ඉවසිල්ලෙන් බලන් ඉන්න පුරුදු වෙන්න ඕන...

හුස්මක හරි ඉවක් වැටුනොත් ඔවුන් ඉගිලිලා යනව...ජීවිතයෙ ඇතැම් දේවල් දකින්නනම් ඉවසන්න ඕන...පැය ගනනක් උනත් නිසොල්මන්ව ඉවසිල්ලෙන් බලන් ඉන්න පුරුදු වෙන්න ඕන...එහෙම නැතිනම් ඒ දසුන් අපට ජිවිතයෙ කවරදාකවත් දකින්න බැරිව යන දසුන් ලෙසින් මැකිල යනව... මේ අත්දැකිම මම වින්දෙ නවය වසරෙදි විතර...රන් කුඹල්ලු... දවසක් ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිල්ල පුටුවෙ වාඩි වෙලා ඉද්දි රූං..රූං ගාල ඔලුව වටේ මොකෙද්දෝ කැරකෙනව වගේ දැක්ක...අම්ම, ඔන්න දෙඹරෙක් කියල තේ කෝප්පයත් අතෙහිම තබාගෙන කැ ගැසුවත්...පසුව වූ දෙඹරෙක් නෙමේ කුඹලෙක් කියල පැවසුව..(ඒ තමා මේ ලෝකෙ ඉන්න ලස්සනම කුඹල්ලු වර්ගය වන රන් කුඹල්ලු කියල පසුව මම දැනගත්ත..) ටිකක් එබිකම් කරල බලන විට තමයි දුටුවෙ පුටුවෙ භාපතක පුංචියට ඌ මැටියෙන් ගෙයක් තනනව කියල..ගේන මැටි බෝල වලින් සමහරක් පුටුව යට වැටිල තියෙනවත් කියල..පුංචි පුංචි මැටි බෝල වු කටින් රැගෙන විත් මේ කවාකාර කලගෙඩියක්වන් නිවහන තනන හැටි බලන් ඉන්න ආසයි...ඒ වගේම හරිම ලස්සනයි....

ටිකක් බලන් ඉද්දි හිතෙන්න ගත්ත කොහෙන්ද මෙයා මේ මැටි බෝල ගෙනෙන්නෙ කියල හොයන්න ඕන කියල...පුදුමයි මිදුලෙ තෙත බිදක්වත් නැති වියළි තැනකින් තමා මෙයා මේ මැටි බෝල රැගෙන එන්නෙ..ඒත් කොහොමද එහෙම වෙන්නෙ..ඒක හරි අපූරු සිදුවිමක්..ගේ හදන තැනින් මිදුනු මම ඉන් පසු ඌ මැටි ගන්න තැනට වෙලා බලන් ඉන්න පටන් ගත්ත...දෙතුන් පාරක් කටින් මැටිබෝල ගුලි කොට රැගෙන යන මෙයා ටික වෙලාවක් නැතිව යනව...නෑ නැතිව යනව නෙමේ ඒ වතුර සොයන්න යනව...ගහක කොලයක් මත පිණි බිදක් හෝ තිබුනොත් මෙයා එතනට යනව...වතුර ටිකක් බොනව..මුවටත් වතුර බිදුවක් රැගෙන යලි සුපුරුදු තැනට පැමිණෙනව...මුවේ ඇති වතුර බිදුව පොලෙව මතට මුදා හරිනව....ඉන්පසු ඒ තෙත් වූ පසෙන් මැටි බෝල ලෙස ගුලි කොට රැගෙන විත් නිවහන යලි තනනව..මෙය දහවල පුරාම සිදුවන නොනවතින සිද්ධි දාමයක් ලෙස පවතිනව..

අවසානයෙ පුංදි කුටීර රශියකින් යුතු කුඹල් නිවහනක් ලෙස එතැන නිමැවෙනව...ඒ එක් කුටීරයක් නිමවන අවසානයෙ පුංචි බිජුවක් ඒ තුල වූ දමනව...ඉන් පසු ඒ කුටීර ගස්වල වෙසෙනා දළමුවන් රැගෙන විත් පුරවනව(බිජු වලින් නික්මෙන පැටවුගේ ආහාරය වනුයේ එම දළඹුවන්ය)ඉන් පසු එම කුටීරය මැටියෙන්ම වසා දමනව. මෙවන් කුටීර දහයක් පහළොවක් පමණ රන් කුඹළු ගෙයක පවතිනව...සති කිහිපයකින් එම කුටීර සිදුරු කොට සුහුබුල් රන් කුඹලුන් ඉගිල යනව...
මෙය මා පුංචි කල ස්වභාදහමෙන් අත්විදි අපුරු අත්දැකිමකි..එසේම කිසිදාක නොමැකෙනා සුන්දර සිහිවටනයකි...කාලය නාස්තිනොකොට පොතක් පතක් බලාගන්නා ලෙස අම්මාගෙන් බැනුම් අසමින් ගෙවී ගිය සුන්දර කාලපරිච්ජේදයකි.. අවස්ථාවක් ලදොත් ඔබත් මෙය අත් විද බලන්න...කිමද එය ස්වභාදහමේ අපූරු චමත්කාරය දනවන සුන්දර සිහිවටනයක් ඔබටද තිළිණ කොට දෙන නිසාවෙනි...

2017 - 05 - 05 මුහුණු පොතට එක්කල සටහනකි.

- චමින්ද ජයනාත් ජයසූරිය

ලොව අති බලගතුම පුහුණුව ලබන සෙබලුන්......රුසියානු ස්පෙට්නාස් සෙබළු

ලොව අති බලගතුම පුහුණුව ලබන සෙබලුන්......රුසියානු ස්පෙට්නාස් සෙබළු......

වේදනාවම ජිවිතය කොට ගත් සෙබලුන් ලොව සිටින්නේ කොතැනකද ඔවුන් රුසියානු ස්පෙට්නාස් සෙබලුන්ම පමණමය

එය 1990 දශකය විය.... සුන්දර කදු වළල්ලක් මැද ඉදිවුනාවු මහා විසල් උසැති මැන්චුරියම් ගස් වලින් වටවුනාවු මණරම් ගම්මාණයක් ඈත දිග රුසියාවෙහි චෙච්නියානු දේශසිමාවෙහි පිහිටා තිබුණි. නිතර කෙළිදොලෙන් ඔබ මොබ දුව පනින පුංචි පැටවුන්ගේ සිගිති දගකාර සිනාවන්ගේ දෝංකාරයන්ගෙන් එම ගමෙහි සිරියාව තව තවත් ඔප් නැංවෙන්නට විය...කදු මුදුණක සිට බලන්නෙකුටනම් එය තවුතිසා දෙව්ලොවක්ම බදු විය...නමුදු නපුර මේ දෙව් ලොව රැයක සැනින් ලෙයින් නැහැවීමට මාණ බලමින් සිටිනවායැයි කාටනම් විශ්වාස කිරීමටවත් හැකියාවක් තිබුනිනිද...එහෙත් එය එලෙසම සිදුවීමට කරුණු කාරණා බටහිර දිග කදු මුදුනක රහසේම පෙළ ගැසෙමින් තිබිණ... රුසියාව සමග නිරන්තර අරගලයක යෙදෙමින් සිටි චෙච්නියානු බෙදුම්වාදි ම්ලේච්ච ත්‍ර‍ස්තයින් සිය දහස් ගනනින් සිතල හිම බිදු වැටෙනා අදුරු රැයට මුවාවෙමින් කදු ශිකර මතින් හිමි හිමින් පහලට බසිමින් සිටියේ යක්ෂයාගේ ඒ අදුරු මොහොත එළැබෙන්නට ඇත්තේ තව නිමේෂයක් බව කියාපාමිනි..මේ නිසල සීතල රැයේ උණුහුමට මව් ඇකයේ තුරුළුව නිදා සිටිනා සිනිදු මොළකැටි සිගිති දරු සිගිත්තන්ගේ ඉරණමෙහි දෝංකාරය ඒ ලස්සන කදු ශිකර පවා පළුදු කරමින් ගලා යන්නට තව ඇත්තේ නිමේෂයකි...ගිනි අවි අමෝරා සැහැසි වෙස් ගත් ත්‍ර‍ස්තයින් ඇග ලොබු ගන්වන විලසින් අහිංසකයන්ගේ ආත්ම බිලි ගන්නට ගම්මානය වටකොට දැන් බලාගෙනය.

ඝණැති කළුවර රැයක අදුරු වලාකුළු තුලින් මතුවුනා වු රිදී රේඛාවක් දිදුලන්නේ කොයි සේද....? දෙවුර මත අවි දරා මුහුණු නොපෙනෙන සේ අදුරු රෙදි කඩකින් වසා..පරිසරයේ වෙස් ගත් රුසියානු හමුදාව සතු අති භිහිසුණුම පුහුණුව ලද ස්පෙට්නාස් සෙබලුන් සිව් දෙනෙකු අදුරු සෙවණැලි පවා මුලා කරමින් ගැඹුරු වනයේ සිව්කොනින් මතු වනුයේ මේ අතරතුරය...අවි රහිත සටන් කලාවෙහි කෙල පැමිණි මෙම සෙබලු අහිංසක ජිවිත මතින් තම අරමුණු ඉටුකරගන්නට මාන බලනා මේ සැහැසි පාපතරයින් එකිනෙකා පොලෝගැබ සිපගන්වන්නේ අදුරෙහි කපාහලනා කෙසෙල්බොඩ සේය...ගතවන්නේ මොහෝතකි...සිදුවන්නේ කිසිවකදැයි සතුරනට සිතාගන්නටවත් නොහැක...ගම්මානයක් සමූල ඝාතනයට පැමිණි ත්‍ර‍ස්තයින් හිටිවනම අතුරුදන් වන්නේ කිසිදු ශබ්දයක් හෝ නොනගාය...මෙම සැහැසි ප්‍රහාරයට පැමිණි ත්‍ර‍ස්තයින් හරි අඩක් පමණ මේ වන විටද මොලොව හැර ගොස් ඇති බව දන්නේ මෙම ස්පෙට්නාස් සෙබළු සිව්දෙනාම පමණමය......තවත් සෙබලුන් සිව්දෙනෙකු වනය තුලහිම රැදි සිටියේ හදිසියේ හෝ සිදුවන ‍ප්‍ර‍හාරයකට මුහුණ දිමටය...නමුදු අවි රහිත සටන් කලාවෙහි නිපුන මෙම ස්පෙට්නාස් සෙබලුන් සිව් දෙනා ඒ වන විටත් බොහෝ දේ සිදුකොට හමාරය...තමන් නිහඩ ස්පෙට්නාස් ප්‍රහාරයකට ගොදුරුව සිටන බව දැන ගන්නා විට සිදුවිය යුතු සියල් ඔවුන්ට සිදු වි හමාරය...‍ප්‍රහාරය පසෙක ලූ ඔවුහු දිවිබේරාගැනීමේ අදිටනින් හිස් ලු ලු අත දිවයන්නේ මං මුලා වූ ‍හිවලුන් රංචුවක් විලසකය...නමුදු වනයේ රැක සිටි ඉතිරි ස්පෙට්නාස් සෙබලු සිව් දෙනාගෙන ඔවුනටද ගැලවිමක් නම් සිදු නොවන්නේය...අහිංසක ගම්මාණයක් මුළුමනින්ම වැනසිමට කෘර හදවත් ඇති චෙච්නියානු බෙදුම්වාදී ත්‍ර‍ස්තයින් ගනනාවකගේ ඉරණම ලොව අති භිහිසුණුම වේදනාකාරී පුහුණුවකින් හෙබි ස්පෙට්නාස් නම් රුසියානු විශේෂ බලකා සෙබළුන් අට දෙනෙකුගේ සියතින් විසදෙන්නේ එලෙසටය...

(පසු සටහන - මෙය සත්‍ය සිද්ධියක් වටා මා විසින් අකුරු අමුණන ලද නිර්මාණාත්මක පෙලගැස්මකි...ස්පෙට්නාස් යනු ලොව ඇති භිහිසුණුම පුහුණුවකට හිමිකම් පානා රැසියානු යුධහමුදා විශේෂ බලකායට රුසියානු බසින් කියනා නාමයය. ස්පෙට්නාස් සෙබලුන් ඉදුරාම වගකියනු ලබනුයේ රැසියානු ජනපතිවරයාට පමණකය. වේදනාවම ජිවිතය කොට ගත් සෙබලුන් ලොව සිටින්නේ කොතැනකද ඔවුන් රුසියානු ස්පෙට්නාස් සෙබලුන්ම පමණමය)

2017 - 05 - 03 දින මුහුණු පොතට එක්කල සටහනකි

- චමින්ද ජයනාත් ජයසූරිය.

Thursday, May 4, 2017

"යම් දෙයක් නැති වෙද්දි ඔබට තව දෙයක් හමුවන්න පුළුවන්.... ඒත් හැම දේම නැති වෙද්දි ඔබට ජීවිතය හමුවන්න පුළුවන්...."

"යම් දෙයක් නැති වෙද්දි ඔබට තව දෙයක් හමුවන්න පුළුවන්....

 ඒත් හැම දේම නැති වෙද්දි ඔබට ජීවිතය හමුවන්න පුළුවන්...."

සිතුවිල්ල - චමින්ද ජයනාත් ජයසූරිය