Saturday, May 6, 2017

රන් කුඹල්ලු.....


ජීවිතයෙ ඇතැම් දේවල් දකින්නනම් ඉවසන්න ඕන...පැය ගනනක් උනත් නිසොල්මන්ව ඉවසිල්ලෙන් බලන් ඉන්න පුරුදු වෙන්න ඕන...

හුස්මක හරි ඉවක් වැටුනොත් ඔවුන් ඉගිලිලා යනව...ජීවිතයෙ ඇතැම් දේවල් දකින්නනම් ඉවසන්න ඕන...පැය ගනනක් උනත් නිසොල්මන්ව ඉවසිල්ලෙන් බලන් ඉන්න පුරුදු වෙන්න ඕන...එහෙම නැතිනම් ඒ දසුන් අපට ජිවිතයෙ කවරදාකවත් දකින්න බැරිව යන දසුන් ලෙසින් මැකිල යනව... මේ අත්දැකිම මම වින්දෙ නවය වසරෙදි විතර...රන් කුඹල්ලු... දවසක් ඉස්කෝලෙ ඇරිල ගෙදර ඇවිල්ල පුටුවෙ වාඩි වෙලා ඉද්දි රූං..රූං ගාල ඔලුව වටේ මොකෙද්දෝ කැරකෙනව වගේ දැක්ක...අම්ම, ඔන්න දෙඹරෙක් කියල තේ කෝප්පයත් අතෙහිම තබාගෙන කැ ගැසුවත්...පසුව වූ දෙඹරෙක් නෙමේ කුඹලෙක් කියල පැවසුව..(ඒ තමා මේ ලෝකෙ ඉන්න ලස්සනම කුඹල්ලු වර්ගය වන රන් කුඹල්ලු කියල පසුව මම දැනගත්ත..) ටිකක් එබිකම් කරල බලන විට තමයි දුටුවෙ පුටුවෙ භාපතක පුංචියට ඌ මැටියෙන් ගෙයක් තනනව කියල..ගේන මැටි බෝල වලින් සමහරක් පුටුව යට වැටිල තියෙනවත් කියල..පුංචි පුංචි මැටි බෝල වු කටින් රැගෙන විත් මේ කවාකාර කලගෙඩියක්වන් නිවහන තනන හැටි බලන් ඉන්න ආසයි...ඒ වගේම හරිම ලස්සනයි....

ටිකක් බලන් ඉද්දි හිතෙන්න ගත්ත කොහෙන්ද මෙයා මේ මැටි බෝල ගෙනෙන්නෙ කියල හොයන්න ඕන කියල...පුදුමයි මිදුලෙ තෙත බිදක්වත් නැති වියළි තැනකින් තමා මෙයා මේ මැටි බෝල රැගෙන එන්නෙ..ඒත් කොහොමද එහෙම වෙන්නෙ..ඒක හරි අපූරු සිදුවිමක්..ගේ හදන තැනින් මිදුනු මම ඉන් පසු ඌ මැටි ගන්න තැනට වෙලා බලන් ඉන්න පටන් ගත්ත...දෙතුන් පාරක් කටින් මැටිබෝල ගුලි කොට රැගෙන යන මෙයා ටික වෙලාවක් නැතිව යනව...නෑ නැතිව යනව නෙමේ ඒ වතුර සොයන්න යනව...ගහක කොලයක් මත පිණි බිදක් හෝ තිබුනොත් මෙයා එතනට යනව...වතුර ටිකක් බොනව..මුවටත් වතුර බිදුවක් රැගෙන යලි සුපුරුදු තැනට පැමිණෙනව...මුවේ ඇති වතුර බිදුව පොලෙව මතට මුදා හරිනව....ඉන්පසු ඒ තෙත් වූ පසෙන් මැටි බෝල ලෙස ගුලි කොට රැගෙන විත් නිවහන යලි තනනව..මෙය දහවල පුරාම සිදුවන නොනවතින සිද්ධි දාමයක් ලෙස පවතිනව..

අවසානයෙ පුංදි කුටීර රශියකින් යුතු කුඹල් නිවහනක් ලෙස එතැන නිමැවෙනව...ඒ එක් කුටීරයක් නිමවන අවසානයෙ පුංචි බිජුවක් ඒ තුල වූ දමනව...ඉන් පසු ඒ කුටීර ගස්වල වෙසෙනා දළමුවන් රැගෙන විත් පුරවනව(බිජු වලින් නික්මෙන පැටවුගේ ආහාරය වනුයේ එම දළඹුවන්ය)ඉන් පසු එම කුටීරය මැටියෙන්ම වසා දමනව. මෙවන් කුටීර දහයක් පහළොවක් පමණ රන් කුඹළු ගෙයක පවතිනව...සති කිහිපයකින් එම කුටීර සිදුරු කොට සුහුබුල් රන් කුඹලුන් ඉගිල යනව...
මෙය මා පුංචි කල ස්වභාදහමෙන් අත්විදි අපුරු අත්දැකිමකි..එසේම කිසිදාක නොමැකෙනා සුන්දර සිහිවටනයකි...කාලය නාස්තිනොකොට පොතක් පතක් බලාගන්නා ලෙස අම්මාගෙන් බැනුම් අසමින් ගෙවී ගිය සුන්දර කාලපරිච්ජේදයකි.. අවස්ථාවක් ලදොත් ඔබත් මෙය අත් විද බලන්න...කිමද එය ස්වභාදහමේ අපූරු චමත්කාරය දනවන සුන්දර සිහිවටනයක් ඔබටද තිළිණ කොට දෙන නිසාවෙනි...

2017 - 05 - 05 මුහුණු පොතට එක්කල සටහනකි.

- චමින්ද ජයනාත් ජයසූරිය

No comments:

Post a Comment