දෛවය ගලන්නෙ කොයිබටද...මිනිසුන් රදන්නෙත් එතැනමය...
මෙන්න කියල කිසි දෙයක් ඔහු ගාව තිබුනෙ නෑ...මොකද දෙන්න තිබුණු හැම දේම ඔහු
දිල තිබුනෙ දරුවන්ට හින්ද...මූණ රැලි ගැසිල... කම්ඹුල් වල ගැසිල...අතපෑවෙ
දරුවන් වන් මහ මග යන එනා මිණිසුන්ටය...දෛවය ගලන්නෙ කොයිබටද...මිනිසුන්
රදන්නෙත් එතැනමය...සා තිස් වසක් මහ ගල් මුදුන් වල කළු ගල් කැඩුවේ තම පණ වන්
දරුවන්ම රැකුමටය...මවක් නැති ගෙපැලකට මවක් වුවෙහිද ඔහුමමය...හැම රැයම ඒ ගත
වේදනාවන්ගෙන් වෙලා ගත්තද... කෙදරිලි හඩක් නම් ඔහු පිටකලේවත්
නැත...ඒ තම දරුවන්ට එයද දුකක් වේදෝයි සිතු නිසාමය...නමුදු සිතනා සැම දේම
එලෙසින් සිදුනොමවෙනා මේ ලෝකයෙහි අද ඔහුට උරුමව ඇත්තෙ මහමගය... ඒ දෙඅත් වල
නැගි කරගැට වේදනා දුන් අතීතය මකාලන්නට ඔහු උත්සාහ ගන්නා වාර ගනනද අනන්තය..ඒ
හැම විටකම ඔහුගේ දෙඇස් අගින් ගලමින් ඇද වැටෙනා වූ කදුළු කැට ගනනද
අනන්තය... දරු සෙනෙහස... ඒත් එය මහ පුදුමය....කිමද ..දරුවන් හොදින් බව
සිහිවෙනා හැමවිටකම ඔහු නිල් අහස දෙස බලමින් සිනා සෙනා වාර ගණනද අප්‍රමාණ
වන බැවිනි..
2017 - 04 - 29 දිනමුහුණුපොතට එක්කල සටහනකි.
- චමින්ද ජයනාත් ජයසූරිය.
- චමින්ද ජයනාත් ජයසූරිය.
No comments:
Post a Comment