බට ලී රාවය.... ලග නැවතුන සිත.....
ජීවිතේ අපට හිමි හිමි වෙන්නේ අයිති තැන් මිසක...ආස තැන් නෙමේ...ජිවිතේ අපට අයිති වෙන්නේ හිමි තැන් මිසක....කැමති තැන් නෙමේ...
මහන්සියට අකුරු ඇදවෙද්දි...සිතුවිලිත් බොදවෙලා යනව...ඒත් මේ වගේ කථා
ඇසෙද්දි එව්ව නොලිය ඉන්නත් බැරුව යනව...ජීවිතේ අපට හිමි හිමි වෙන්නේ අයිති
තැන් මිසක...ආස තැන් නෙමේ...ජිවිතේ අපට අයිති වෙන්නේ හිමි තැන්
මිසක....කැමති තැන් නෙමේ...දෛවය හැමදාමත් ජිවිතය ලියන්නෙ අන්න ඒ
විදිහට...මේ කථාව කියවද්දි සමහර විට ඔබටත් එහෙම සිතෙන්න ගනිවි...
හරි ගැඹුරුති පැසිෆික් සයුරෙ මේ වගේ තවත් මොන තරම් නම් කථා ලියවිලා තියෙනවද
කියල කියන්න මම දන්නෙ නැ...ඒත් මේ ෆැසිපික් සයුර තරණය කරන අමෙරිකානු නාවුක
සෙබලෙකුගේ දින පොතක පිටු අතර සටහන් වෙලා තිබුණ පුංචි කථාවක්..වර්ෂයක්
නැති...දිනයක් ඇති... එත් නාමයක් නැති පිටු අතර ලියවුන කථාවක
සාරාංශයක්...ඩොල්ෆින් නම ඇසු සැනින් සිත ඇදී යන සත්වයෙක්..මහ සයුරෙ වසන
බුද්ධිමත්ම ජීවියෙක්...දෙතනින් කිරීදීල පැටවුන් වඩනා අහිංසකම
සත්වයෙක්...දකින හැම හදකටම ආදරයක් දැනෙනා තරම් රුවක් තිබෙනා
මත්සයෙක්....ඇතැම් හැකියාවක් ජවිතයකට එලියක් කියල හිතුවට එව්ව හැම විටකම
එහෙම වෙන්නෙ නැ...
ඩොල්ෆින්ලටත් ඒ දේ එලෙසමයි...සන්නිවේදන හැකියාව
ඔවුන්ගෙ හරි ප්‍රභලයි..නිදහස් ඩොල්ෆින් රංචු හැම සවසකම මහ මුහුදෙ පෝළිමට
පෙල ගැසිල සිංදු කියමින් රැගුම් පානව..සමහර විට ඔවුන්ගෙ ඒ රාවයන් ගෙතුණු
සාදයන් පැය ගනන් පුරා මහ සයුරෙ ජල තලය මත රැව් දෙනව...යමෙකු වටහ
ගැන්මට...සිතක් තේරුම් ගන්නට ඔවුන්ට තියෙන්නෙ මහ පුදුම හැකියාවක්..එව්ව
ඔවුන්ටම ආවේනික වු ඇතැම් මානයන්ගෙන් එළියට විහිදුන හැකියාවන්...මහ සයුරෙ
සැතපුන් ගානක ඈතක සිටියත් ඔවුන්ට ඇතැම් දේවල් දැනෙනව...එත් ඔවුන් සතු වූ මේ
අපූරුතම වූ හැකියාවන්මයි ලොව පුරා දහස් සංඛ්‍යාත ජල තටාක වල සිරකරුවන්
ලෙසින් වෙසෙන්නටත් ඔවුන්ව පත් කරල තියෙන්නෙ කියල මට හිතෙනව....
ඇමෙරිකානු නාවුක හමුදාවත් මේ දේ ඒ වලසින්ම සිදුකරනව...හොදින් පුහුණුකල
ඩොල්ෆින් මසුන් සතුරු ප්‍රදේශ වල ඔත්තු බලන්න ඔවුන් නිරන්තරයෙන්ම
යොදවනව...එවැනි ඩොල්ෆින් මසුන්ට උරුම වන්නෙ ජිවිතය කරුමයක් කියන වදන්පෙළ
විතරමයි...මොකද නිදහස කියන දේ ඔවුන්ගෙ ජීවිතවලින් මුළුමනින්ම වියැකිලා
යනව...පැසිෆික් සයුරෙ ස්ථානගතව සිටින ඇමෙරිකානු නාවුක භට පිරිසක් සතු මේ
විලසින් ඇති දැඩි වන එක් ඩොල්ෆින් මසෙකු දින කිහිපයක සිට අසාමාන්‍ය
චර්යාරටාවක් පෙන්වන්නට ගන්නව...ටික දිනක් ගතවන කල එය තද බල ලෙස වැඩි වන බව
ඔවුනට පෙනී යනව...(ඒ කියන්නෙ එම මත්සයා සතු දෛනික ක්‍රියාපටිපටියෙන්
මුළුමනින්ම බැහැරවීම දක්වා) නාවිකයන් ඔහු සයුරට මුදා හල පසු වෙරළෙහි යම්
ස්ථනයකට ගොස් නතර වන බව පසුව මෙම සෙබලුන් පිරිස සොයා ගන්නව...මෙම ඩොල්ෆින්
මත්සයාගෙ පිටෙහි සවිකොට ඇති සෝනාර් යන්ත්‍රයෙන් ඔහු සිටිනුයේ එකම තැනක බව
නාවුකයන් සතු පරිගණක තිරයන්හි දිස්වෙනව...එය ගෙඩ බිමට ආසන්න තැනක්...නමුත්
අන් රටක වෙරළ සිමාවක් නිසා ඔවුන්ට ලංවීමටත් නෙහැකියි...මෙම සිදුවීම
පෙනටගනය කරාම අවසන ඇදි යනව(පෙන්ටගනය යනු ඇමෙරිකානු ආරක්ෂක මෙහෙයුම්
මධ්‍යස්ථානයය)...ඔවුන් රහසිගත ඔත්තු බැලීමේ කණ්ඩායමක් මෙම ප්‍රදේශය කරා
යොමුකරනව....හරි පුදුමයි....එම දසුන් පෙළ ඇත්තටම ඔවුනට අදහාගත නොහැකි
සිදූවීමක් ලෙස පෙළගැස්වෙනව...කුමක්ද මේ සිදුවිම...?
වෙරළ ආසන්නයෙහි
සුන්දර ගල්පරයක් මත පුංචි කොළුගැටයෙකු බටලියක් වාදනය කරනව... බට ලි රාවයට
මේ ඩොල්ෆින් මත්සය නෙගැඹුරු ජලයෙහි ඒ මේ අත පිහිනමින් රැගුම් පානව... එය
දින කිපයක සුන්දර බැදිමක් ලෙසින් හරි ලස්සනට එතැන මිහිරි දසුනකින් වලින්
පුරවනව.....රහසිගත ඔත්තුකරුවන් මහත් විශ්මයක් ලෙසින් මේ දෙස ඇසපිය නොහෙලා
බලා සිටිනව...නමුත් එම දසුන්පෙළ රහසිගත ඡායාරූප ලෙසින් පෙන්ටගනයට වාර්ථා
වෙනව....ඒ ලස්සන බැදීමෙහි අවසාන මොහොත ලොවටම රහසක් වෙමින් අවසන් වෙනව...බට
ලි වාදනයෙන් පසු අදුර වැටෙන විට මේ පුංචි කොළුගැටය තම ඩොල්ෆින් මිතුරාටද
සමු දී නිවහන කරා පියනගනව...නමුත් ඉන් පසු කිසිදිනෙක ඒ සුන්දර ගල්පර මතට වී
කොතරම් ලස්සනට බට ලි වාදනය කලත් තම මිතුරාට එය ඇසිමට පැමිණීමට නොහැකි බව
ඔහු කෙලෙසනම් විශ්වාස කරන්නද....?
(සත්‍ය සිදුවිමක් වට මා විසින් සිදුකල අකුරු පෙළගැස්මකි)
චමින්ද ජයනාත් ජයසූරිය.
2017 - 05 - 16 දින මා විසින මුහුණු පොතට එක්කල සටහනකි.