භවයක සුසුමන්..........
වෙන්ව මෙලොවට පා තැබුවත් ඒක්ව ගමනක් ගොස්...දෙහිතක්
භවයක් අත්හරින මොහෙතක් ලගා විය....
අාදරය වනාහි ඔවුන් ඔහුනට පේර්ම කලා වු මොහොත
විය.....අඩ සිය වසකටත් පෙර සීත හිම කදු මුදුනත මියැදුනා වූ කථාවක් අැසෙනා විට
අදටත් අප හදවත් මෙතරම් උණුවී රිදෙනුයේ අැයි දැයි සිතෙනුයේ විටෙක ෙප්‍ර්යමය යනු
පරික්ෂාවක්ම වන නිසා වන්නට හැක..... රාගයෙන් මත්ව උනු උනුන් උමතුවෙන් දුවන ලොවක, මෙවන්
කථාවක වැටෙන කදුලකුදු සෙත් පිරිතක දැවටි බිම හැලෙනා පැන් බිදක් සේ දැනෙනුයේ ඒ්
නිසාම වන්නට හැක....
ටිබෙටය.... මිනිසුන් පවසනුයේ ඒයට ලොවෙහි පියස්ය යැයි
කියාය....දුරට ඒය ලොවෙහි අැති සුන්දර තැනක් සේ පෙනුනද.....ලගට ඒය වෙසෙන්නට
ලොවෙහි අැති දුෂකරම කලාපයකි....කිමද මහ කදු වලින් පිරිණු වසරෙහි බොහෝ කාලයක්
හිමෙන් වැසෙන ප්රෙදේශයක් වන නිසාය...මෙය 1919
තරම අෑත යුගයට අැදි ගිය කථාවක් විය....ටිබටයේ මහ කදු මුදුනක මත ලියවුනු සෙනෙහසේ
අසම සම කථාවක් විය... සින්දුකි මොන්ගාල් තම දිවියෙහි 23
වන කඩඉම පසු කරන විට අැයට ඔහු හමුවිය.....ඔහු දොන්ජින් ලාමා නම් විය...ඒවිට ඔහු
තම දිවියෙහි 25 වන කඩඉම පසුකරමින් වුන් හුරුබුහුටි තරුණයෙකු විය....ගතින්
ස්පර්ශ නෙවුනද සිතින් සිය දහස් වර ස්පර්ශවෙමින් දිනෙන් දින මුහුකුරා වැඩෙමින් හුන්
මෙම පේර්මය වසර කිහිපයක අැවැමෙන් නොමියෙනා කථාවක් විලසක ලියවෙමින් තිබිණ....ඒකම
කදු යායක මදක් දුර වන්නට දෙපසක ඔවුනොවුන්ගේ නිවහන් පැවතුණිද දහවල ඔවුනගේ පේර්මයේ
නිවහනව පැවතුනයේ ඒම කදු මුදුනතමය... සීතල සුළග....සුන්දර පිපුණු මල් කිණිති
ඔවුන්ගේ සෙනෙහසෙහි නවාතැන තවතවත් වර්ණවත් බවින් ඒකලු කලෝය...අෑතකින් ගලා යන
යාර්ලුන්ග් ගංගාව මතට පියබා ඒන හංස කැළ ඔවුන්ගේ මේ අාලයේ කථාවට ගීතිකා
ගැයූහ.... කාලය ගෙවි යමින් තිබිණ...වසන්තයට පිපුණු මල්වලට ගිම්හාන කල පැමිණියද පරව
යන්ටද අමතකව ගොස් තිබිණ......සිතල කදු මුදුනක සුන්දර සරණ මංගල්ලයකටද කාලය
ලංවෙමින් තිබිණ....නමුදු පේර්මය පරික්ෂවක්නම්....සෑම සුන්දර ඒවන් කථාවකටම අායුෂ
කෙටියැයි කියනු ලැබේ.....
ඒය දෙසැම්බර් මාසයේ ඒක් සැදැ කාලයක් විය.....නපරු හිම
කුණාු ටිබටයේ කදු වළලු සිසාරා සැරි සරමින් උන් කාලයක් විය....පිපුණු මල් මිලිනව
ගොස් තිබිණ....සුන්දරව ගැලු ගංගා පවා ගල් ගැසි ගොස් තිබිණ....භියකරු සුළග,ගණ
අන්දකාරයද සමග හාත්පසම වෙලා ගනිමින් තිබිණ....ටිබටයේ බොහෝ වැසියන් අධික
ශිතලෙන් මියැදෙනා කාලයක් විය....සින්දුකීටද මෙම ශීතල දරාගන්නට නොහැකි තත්ත්වයක්
විය....අධික උණද සමග ගත අප්‍රාණික තත්ත්වයට පත් වෙමින් තිබිණ.... සියල්ල මේ කළුවර
අන්දකාරය තුල නපුරටම බිලිවෙමින් තිබිණ....දෙෙවය අැගේ ඒක් අතක සහ ඒක් පාදයක ප්‍රාණය
සදහටම මකා දමමින් තිබිණ.....ඒ් රැය දිගු රැයක් විය....නපුරු රැය ගෙවි උදැසන ලංවුනද
හිරු සැගව ගොස් තිබිණ....අවපැහැගත් උදෑසන ගොලුබවක ගිලි තිබිණ....නමුදු පේර්මය
ලග නැවතුනා වූ සිත් සුළි කුණාටුවකටනම් කෙලෙස නවතාලිය හැකිද.......දණක් ඒරෙනා හිම
කැබලි මතින් පා නගන විට යටිපතුලු පුපුරා රැධිරය ගැලුවද දොන්ජින් තම අාදරණීය
පෙම්වකියගේ නිවහන කරා ඒ් රැය පුරාම පැමිෙණමින් උන්නේ ඒ් නිසාමය.... සයනය මත
වැතිර උන් සින්දුකී බොදව ගිය දෑසින් ඒ් දොන් ජින් දකිනා අවසන් මොහොත යැයි කියා
කාටනම් සිතිය හැකිද.....?
දෙදිනක් පුරා සිහිසුන්ව හුන් සින්දුකි යලි සිහිය ලබන
විටත්,වරු ගණනක් පුරා අැය ලගකම උන් ජොන්දුන් අඩ නින්දක
පසුවිය...නමුදු හඩ පමණක් අැසෙනා රුව නොපෙනෙනා ලොවකට සින්දුකි පැමිණ සිටිය වග
අැයටද අමතකව ගොස් තිබිණ....අඩක් පණනැති..දෙනෙත්ත් නොපෙනෙන අැය දැන් පණත් නොම
අැති අඩක් මියැඅැදි මළ සිරුරක් හා සමව තිබිණ.... වටපිට බැලුවද කිසිත් නෙපෙනෙන කල
අැය මහ හයියෙන් දොන්ජින් යැයි කියා කැ ගසා හඩන විට මුළු මහත් ටිබෙටයේ කදුත්
සොවින් කදුළු සලන්ට අැත....අදුරු ලොවක් තුල තනිව ගිය අැය ඒයින් මිදෙන්නට ගත් තැත
ඉර හදට පවා කදුලක් උනන්නට සිත්දුන් දසුනක් වුවද, යලි
ලොවක් දකින්නට ඒ් දෙනෙතට වරම් නොමැති බව දැන අැය මහා අහයියෙන් ඔහුට තුරුළුව හැඩු
හැඩුම් අැසෙන විට ශීතලට ගැල්ගැසුණු ගං වේලි පවා යලි දියවී ගලා හැලෙන්නට
අැත...කිමද ඒ් මොහොත කොතරම් දිගුදැයි....ඒ් සුසුමන් කොතරම් ගැඹුරැදැයි.....
මනින්නට හැකි මිමිදඩු පවා මේ ලොව කිසිවෙකු ලග නොතිබුනා වූ බැවිනි.....
රූපය යනු තාවකාලික අාකර්ෂණයක් බදු මායාවක්නම්...පේර්මය
යනු සංසාරය පුරා දිගහැරෙනා වෘතාන්තයක් බදු බැදිමක්නම්.....පණ කෙන්දක් රැදි නිසල
සිරුරකට පවා පෙම් කරනට ඒය ඔ්නවටත් වැඩි කාරණයක් නොවන්නේද....? ලොවෙහි
අැතැම් කථා නිමා වන තැනකින් ඔවුන්ගේ ඒ් සුන්දරම කථාව පෙරටත් වඩා ලස්සනකින් අාරම්භ
වනුයේ අාලය යනු පරාමිාවක් ලෙසින් පුරන්නට දෙෙවය විසින් ඔවුන් ඒහිම උපදවා අැති
නිසා වන්නට අැත...කාලය හිමි හිමින් ගලා යමින් තිබිණ....නපුරු ශිත සාතුව හිමි
හිිමන් පහව යමින් තිබිණි.....දින ගණනකට පසුව ටිබටෙය් ඔවුන් රැදි කදු පෙදෙසට පළමු
අව් රැල්ල වැටෙමින් තිබිණ....ගංගා යලි හිම කැටති දිය කරමින් ගලා යමින් තිබිණි.....
අෑතකින් ගලා යන යාර්ලුන්ග් ගංගාවට පැමිණෙන හංස කැළද පෙර පරිදි සුපුරුදු ලෙසින්
මියුරු වූ හඩ නගමින් පියඹමින් උන්හ...ගතින් අඩක් පණනැති ...ලොවක් නෙතින් දකින්නට
නොහැකි සින්දුකී දොන්ජින් ගේ ලය මත හිස තබාගෙන හිදියේය....අැයට දැන් මේ ලොව
මත ජීවත් වීමට අැති ඒකම හයිය නම් දොන් ජින් විසින් තනි නොකලාවූ අැගේ සිත පමණක්ම
බව අැය දනි....ගත වු නිමේෂය සින්දුකිගේ ජිවිතයෙහි ලස්සනම මොහොත සමාරම්භය
විය....ඒක් විටම තම දෝතින් හරස් අතට සින්දුකිව ඔසවාගත් දොන් ජින් අපි අර කන්ද
මුදුට යමුයැයි පවසමින් අැයත් ඔසවාගනිමින්ම මහ කන්ද දෙසට දිවයන්නට
වුහ....විශ්මටත්..මද ලැජ්ජාගතියකට පත් වුනද වටපිටාව තම දෑසින් පෙර විලස නොපෙනුනද
සින්දුකිට ඒයින් ලැබුණ සැහැල්ලුවත් ....සතුටත් නම් වදන් පෙලකින් විස්තරකරනට
නොහැකි තරම්ම විය....මද දුරක් ගමන් කරමින් අැය ඒක් තැනකින් වාඩිකරවමින්...යලිදු
තවදුරක් කන්ද තරණය කරමින් යලිදු අෑත ගස් සෙවනක වාඩි කරමින් ද, ඔවුන්
පෙර දාක විසූ සුපරුදු තැනටම අවසනට පැමිනියහ...පෙර දිනක අැස් සතරකින් ලොව දුටු
ඔවුහු දැන් ලොව දකිනුයේ අැස් දෙකකිනි...ඔහුගේ දෙනෙතිනි....
අෑත කදුමුදුනත හමනා සුළග ඔවුනට මොනවදෝ කියමින්
වුන්හ....වෙනදාටත් වැඩි විහග රෑන් ඒ් කදු මුදුනත් ඒ මේ අත පියාසලමින් වුන්හ...තම
දෑසින් නොදකිනා තරමේ සුන්දර දසුන් පවා අපූරු ලෙසක දොන් ජින් විසින් සින්දුකීට
පවසමින් වුන්හ....පෙර දිනකත් නොවිදි සුන්දර සෙනෙහසක් සින්දුකි දොන්ජින්ගෙන්
ලබමින් වුන්හ....ඉන් පසු උදාවන හැම උදෑසනකම දොන්ජින් තම දෑත මතට හුවාගනිමින්
සින්දුකි ටිබටෙය් ඒ මහා කදු මුදුනට රැගෙන ගියහ....ගතින් නොව සිතින් අාත්මිය
සෙනෙහසක ඒ් සුන්දරම ස්තාන ඔවුහු ස්පර්ශ කලෝය...ඒක් දිනක ඒ කදු මුදුනහිම හිදිමින්
ඔහු අැයට අයගේ ජීවිතයෙහි අසනු ලැබූ ඒ් සුන්දරම යෝජනාව ගෙනඅාවේය....ගෙවීයන කාලය
සැමදෙනගේ අාදරයත්...තුටින් උනනාවූ කදුලත් පෙරදැරිව ඔවුහු ඒක් වහලක් යටට ඒක්කාසු
කලෝය...ගෙවෙනා හැම මොහොතකම ඔවුන්ගේ ඒ් සුන්දර වූ සෙනෙහසේ බැදීම තව තවත්
දිදුලන්නට වුහ....සින්දුකීගේ සියලුම වැඩකටයුතු දොන්ජීන්ගේ දෑතින්ම
සිදුවූහ.....පරම පූජනීය පේර්මයක සුවද ටිබටෙය් කදු සිසිරා පැතිර යමින් තිබිණ....
සුළග ඔවුන් කියන අතට පවා හමන්නට පුරුදුව සිටියහ....වැස්ස ඔවුනට කැමති විටෙක
වැටෙන්නට පවා ලෙන්ගතු වුහ...මහා සුළිකුණාටු හැමුවද ඔවුන් මගහැර යන්නට තරම් කාරුණික
වුහ...සෘතුව හිම කැට වැස්සුවද ඔවුනට කටෝරයක් ගෙන දෙන්නට තරම් රුදුරු නොවීය.....
දවස උදාවිය....දශක කිහිපයකට පසු....කදු මුදුණු පවා තනි
වන මොහොත උදාවිය...හමන සුළගට පවා තනිය දැනෙනා මොහොත උදා විය....වෙන්ව මෙලොවට
පා තැබුවත් ඒක්ව ගමනක් ගොස්...දෙහිතක් භවයක් අත්හරින මොහෙතක් ලගා විය....ඒය
දෙසැම්බරයේ සීතල අධික දිනයක් විය...ඔවුන් පැතු විලසකම ඒ් දෙය සිදු වන්නට දෙෙවය
ඔවුනට ලෙන්ගතුව ඉඩහසර ලබාදි තිබුණි....මේ භවයෙහි ඔවුන් ලැබු අවසන් සුසුම් පොදද
ඔවුන් ඒදවස ඒ් සීත වාතලයට ඒක්කරන්නට සුදානම්ව සිටියහ.... අන් දිනකට වඩා දැඩි
සිතලක් ඔවුන් දෙපලගේ අැග කිලිපොලායවමින් තිබිණ...බිම් ඒළියක් තවමත් නොවැටුණු ඒ්
සෙනෙහබර අළුයම වෙනදාටත් වඩා ලෙන්ගතු බවකින් සින්දුකී දොන්ජින්ගේ ලයට තුරුළු
වෙමන් උණුසුම සෙවීය...දොන්ජින්ද අැගේ මුහුණතත් දෙඅතුත් දැඩි බවකින් ග්‍රහණය
කරමින් තම ලයට තබා තදින් සතපවා ගත්ෙත්ය...ඒ් ඔවුන් ඒක් විටම මේ බවය අත් හල අවසන්
මොෙහාත විය...සුසුම් දෙකක් ඒක් හුසමක්ව නිසල සිතල වාතලයට පවිසි විරල මොහොතක්
විය....ටිබටෙය් අෑත උස් කදු මුදුනක ලියවුනු සුන්දර පේර්ම කථාවක අවසන් නිමේෂය
විය....නමුදු සදාතනික නොමැෙකනා සෙනෙහසේ පුරාවතක අරඹුමක සනිටුවහන විය....
මිනිසුන් කියනව අදටත් ඒහි හමන සුළගක ඔනුන්ගෙ ඒ් කහඩක
දොංකාරය අැසෙන බවක...උස් කදුනගින්නන් කියනව අහම්බෙකින් හරි පිපිනු ඒ් කදු
මුදුන්වල මලක ශෝකී භාවයක් තියෙන බවක....මේ කථාව අහලවත් නැති අය කියනව හරි ලස්සන
තරුණ යුවලක් සමහර වෙලාවට හරි තදට හිම වැටෙන මොහොතකත් නිවුණු ස්වරයෙන් ගිත යායනා
කරමින් ඒ් හිම මත ඒ් මේ අත දුව පනිමින් සිනා හඩ නගිමින් සෙල්ලම් කරමින් හිදිනව
දකින බවක...........
2018 - 12 - 19 ප.ව
06.41 චමින්ද ජයනාත් ජයසූරිය මුහුණු පොතට ඒක්කල සටහනකි....